Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
නොකඩවා තරග 26 ක් ජයගනිමින් ඕස්ට්‍රේලියානු කාන්තා කණ්ඩායම තබා තිබූ ලෝක වාර්තාව තව දුරටත් ඉදිරියට යෑම නවතාලීමට ඉන්දීය ක්‍රීඩිකාවෝ අද (26 වැනිදා) සමත්වූහ. මැකායිහිදී පැවැති තෙවැනි සහ අවසන් එක්දින තරගයේදී ඕස්ට්‍රේලියානු කාන්තා කණ්ඩායම කඩුලු 2 කින් පරාජය කරමින් ඕස්ට්‍රේලියානු කාන්තා කණ්ඩායමේ ගමන නතර කිරීමට ඉන්දීය ක්‍රීඩිකාවන්ට හැකිවිය.
අවසන් එක්දින තරගය පරාජයට පත්වුවද තරග 3 කින් සමන්විත එක්දින තරගාවලිය 2-1 ක් ලෙස ජයගැනීමට ඕස්ට්‍රේලියානු කාන්තා කණ්ඩායමට හැකිවිය.
ඉන්දීය කාන්තා එක්දින ක්‍රිකට් ඉතිහාසයේ සාර්ථකම ලකුණු හඹා යෑම වාර්තා කළ ඉන්දීයානු පිතිකාරිනියෝ අද ඕස්ට්‍රේලියාවට එරෙහිව ලකුණු 265 ක් ලබාගනිමින් නව වාර්තාවක් තැබූහ. වසර දෙකකට (2019) පමණ පෙර දකුණු අප්‍රිකානු කාන්තා කණ්ඩායමට එරෙහිව ලකුණු 248 ක් ලබාගැනීම ඉන්දීය කාන්තා කණ්ඩායමක සාර්ථකම ලකුණු හඹා යෑම විය.
ජයග්‍රහණය සඳහා ලකුණු 265 ක ඉලක්කයක් හඹාගිය ඉන්දීය කාන්තා කණ්ඩායම පන්දු 3 ක් ඉතිරිව තිබියදී කඩුලු 8 ක් දැවී ඉලක්කය පසුකර ගියේය.
ශෆාලී වෙර්මා සහ යස්ටිකා භාතියා අර්ධ ශතක ලබාගනිමින් ඉන්දීය කාන්තා කණ්ඩායමේ ජයග්‍රහණයට අවශ්‍ය අඩිතාලම දමා දුන්හ. ශෆාලී වෙර්මා පන්දු 91 කදි හතරේ පහර 7 ක් සමගින් ලකුණු 56 ක් ලබාගත් අතර යස්ටිකා භාතියා පන්දු 69 කදි හතරේ පහර 9 ක් සමගින් ලකුණු 64 ක් ලබාගැනීමට සමත්වූවාය. ඔවුන් දෙදෙනා එක්ව දෙවැනි කඩුල්ල සඳහා පන්දු 114 කදී ලකුණු 101 ක සම්බන්ධතාවයක්ද පැවැත් වූහ.
මුල් පෙළ සහ මැද පෙළ පිතිකාරිණියන් 6 දෙනෙකු දැවී ගියද 7 වැනි කඩුල්ල සඳහා ලකුණු 33 ක සම්බන්ධතාවයක් පවත්වමින් ඉන්දීය කාන්තා කණ්ඩායම ජයග්‍රහණය කරා රැගෙන යාමට දීප්ති ශර්මා සහ ස්නේහා රානා සමත්වූහ. පන්දු 30 කදී හතරේ පහර 3 ක් සමගින් ලකුණු 31 ක් ලබාගැනීමට ශර්මා සමත්වූ අතර පන්දු 27 කදී හතරේ පහර 5 ක් සමගින් ලකුණු 30 ක් ලබාගැනීමට රානා සමත්වූවාය.
ඕස්ට්‍රේලියානු නායිකාව පන්දු යවන්නන් 7 දෙනෙකු යොදාගත්තද ඉන්දීය කාන්තා කණ්ඩායමේ ජයග්‍රහණය වලකාලීමට අපොහොසත් වූවාය. ඇනබෙල් සදර්ලන්ඞ් ලකුණු 30 කට කඩුලු 3 ක් දවාගනිමින් පන්දුවෙන් දස්කම් දැක්වූවාය.
කාසියේ වාසිය දිනා පළමුව පන්දුවට පහරදුන් ඕස්ට්‍රේලියානු කාන්තා කණ්ඩායම ඕවර 50 අවසානයේ කඩුලු 9 ක් දැවී ලකුණු 264 ක් රැස්කිරීමට සමත්විය. ලකුණු 87 ක් තුල කඩුලු 4 ක් බිඳ වැටුණද ඉන් නොසැලුණු බෙත් මූනී සහ ඈෂ්ලී ගාඞ්නර් අර්ධ ශතක ලබාගනිමින් ඕස්ට්‍රේලියානු ලකුණු පුවරුව ඉහළ දැමීමට සමත්වූහ. බෙත් මූනී පන්දු 64 කදි හතරේ පහර 4 ක් සහ සමගින් ලකුණු 52 ක් ලබාගත් අතර ඈෂ්ලී ගාඞ්නර් පන්දු 62 කදී හයේ පහර 2 ක් සහ හතරේ පහර 8 ක් සමගින් ලකුණු 67 ක් ලබා ගත්තාය. බෙත් මූනී සහ ඈෂ්ලී ගාඞ්නර් එක්ව 5 වැනි කඩුල්ල සඳහා පන්දු 93 කදි ලකුණු 98 ක සම්බන්ධතාවයක් ගොඩනැගීමට සමත්වූහ.
වේගවත් පිතිහරඹයක නිරත වූ ටාලියා මැග්‍රාත් පන්දු 32 කදී හතරේ පහර 7 ක් සමගින් ලකුණු 47 ක් ලබාගනිමින් ඕස්ටේ්‍රලියානු කාන්තා ඉනිම ශක්තිමත් කළාය. ජුලාම් ගෝස්වාමී ලකුණු 37 කට කඩුලු 3 ක් සහ පූජා වස්ත්‍රාකර් ලකුණු 46 කට කඩුලු 3 ක් දවාගනිමින් පන්දුවෙන් දස්කම් දැක්වූහ.
ඕස්ට්‍රේලියානු කාන්තාවෝ - ඕවර 50 කදී කඩුලු 9 ක් දැවී 264
(ඇලීසා හිලී 35, එලීසා පෙරී 26, බෙත් මූනී 52, ඈෂ්ලී ගාඞ්නර් 67, ටාලියා මැග්‍රාත් 47, ජුලාම් ගෝස්වාමී 37/3, පූජා වස්ත්‍රාකර් 46/3)
ඉන්දියානු කාන්තාවෝ - ඕවර 49.3 කදී කඩුලු 8 ක් දැවී 266
(ශෆාලී වෙර්මා 56, ස්මි්‍රති මන්ධානා 22, යස්ටිකා භාතියා 64, දීප්ති ශර්මා 31, ස්නෙහ් රානා 30, ඇනබෙල් සදර්ලන්ඞ් 30/3)
ඡායාරූපය - ඕස්ට්‍රේලියානු ක්‍රිකට් ආයතනය අනුග්‍රහයෙනි
- 2079
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.