Last Update  :  2025-05-10 21:34:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story ඉන්දියානුවෝ තරගාවලි ජයක් සොයති
පි‍්‍රටෝරියා ටෙස්ට් තරගය

ඉන්දියානුවෝ තරගාවලි ජයක් සොයති

editorial - 2021 දෙසැ මස 24 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

රවී ශාස්ති‍්‍ර මහතා පුහුණුකරුවා වශයෙන් සිටියදී,  ඕස්ටේ‍්‍රලියාවේදීම  ඕස්ටේ‍්‍රලියානුවන් පරාජය කළ ඉන්දියානුවෝ, නව පුහුණුකරු රාහුල් ද්‍රාවිඞ් මහතාගේ ගුරුහරුකම් යටතේ දකුණු අපි‍්‍රකාවේදී ටෙස්ට් තරගාවලි ජයක් සොයමින් සිටිති. ශී‍්‍ර ලංකාව හැරෙන්නට, දකුණු අපි‍්‍රකානු කණ්ඩායමක්, දකුණු අපි‍්‍රකාවේදීම ටෙස්ට් තරගාවලියකින් පරාජය කිරීමට කිසිම ආසියානු කණ්ඩායමක් සමත් වී නැත.

තමන්ගේ උත්සාහය සාර්ථක වීමට නම් ආරම්භක පිතිකරුවන් වශයෙන් සාර්ථක අඩිතාලමක් දාගැනීම ප‍්‍රධාන සාධකය වන බව ලෝකේෂ් රාහුල් කියයි.

දකුණු අපි‍්‍රකාව සහ ඉන්දියාව අතර පළමු ටෙස්ට් තරගය ලබන ඉරිදා (26 වැනිදා) පි‍්‍රටෝරියා නුවරදී ආරම්භ වෙයි.

”මේ කී‍්‍රඩාංගණයේ තියෙන වේගයත්, පන්දුව ඉපිළීමේ ස්වභාවයත් ලෝකයේ අනෙක් සෑම රටකම තියෙන කී‍්‍රඩාංගණ වලට වඩා වෙනස්. ඒ නිසා තමයි අපි කලින් ඇවිල්ලා මෙතන ටිකක් පුරුදු වෙන්න උත්සාහ කළේ”

”අපි ඒ වෙනුවෙන් අවස්ථා කිහිපයකදීම, තරගයකට සමාන තත්ත්වයන් නිර්මාණය කරගත්තා. ඒ ඇසුරින් පුහුණුවීම් කළා.... මෙහි තියෙන තණතීරු අභියෝගාත්මක වෙන්න පුළුවන්. ඒත් අපි සූදානම්” යයි ලෝකේෂ් රාහුල් පැවසීය.

ඉන්දීය කණ්ඩායම අවසන් වරට දකුණු අපි‍්‍රකාවේ සංචාරය කළ අවස්ථාවේදී ඉන්දීය ආරම්භක පිතිකරුවන්ට ලබාගත හැකි හොඳම ආරම්භය වූයේ ලකුණු 30 කි.  

- 213

 


අදහස් (0)

ඉන්දියානුවෝ තරගාවලි ජයක් සොයති

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.