ආසියානු බිලියඞ් සම්මේලනය සංවිධානය කරන 15 වැනි ආසියානු බිලියඞ් ශූරතාවලිය සහ 17 වැනි වයස 21 න් පහළ ආසියානු ස්නූකර් ශූරතාවලිය සඳහා සත්කාරකත්වය දැරීමේ අවස්ථාව ශ්‍රී ලංකාවට හිමිවී තිබේ.
එම තරගාවලි දෙක මාර්තු මස 1 වැනිදා සිට 8 වැනිදා දක්වා කොළඹ රාමඩා හෝටලයේදී පැවැත්වීමට කටයුතු සූදානම් කර ඇති බව ශ්‍රී ලංකා බිලියඞ් සහ ස්නූකර් සංගමයේ සභාපති සුරේෂ් හෂීම් මහතා පැවසීය.
තරගාවලි දෙක සඳහා රටවල් 20 ක් නියෝජනය කරමින් කී‍්‍රඩකයන් 50 ක් පමණ සහභාගි වීමට නියමිතය. තරගාවලියේ තාක්ෂණික කටයුතු අධික්ෂණය කිරීම සඳහා විදෙස් නිලධාරීන් 12 ක් පමණ සහභාගි වීමට නියමිතව ඇති බවත් හෂීම් මහතා එහිදී කියා සිටියේය.
වයස 21 න් පහළ ආසියානු ස්නූකර් ශූරතාවලිය සඳහා ශ්‍රී ලංකාවෙන් කී‍්‍රඩකයන් 6 දෙනෙක්ද, ආසියානු බිලියඞ් ශූරතාවලිය සඳහා කී‍්‍රඩකයන් 4 දෙනෙක්ද සහභාගි කරවීමට ශ්‍රී ලංකා බිලියඞ් සහ ස්නූකර් සංගමය සූදානමින් සිටියි.
ස්නූකර් ලෝක ශූරයකු වන ඉන්දියාවේ පංකජ් අද්වානි සහ බිලියඞ් ලෝක ශූරයකු වන සිංගප්පූරුවේ පීටර් ගිල්කි‍්‍රස්ට් මෙම තරගාවලියට සහභාගි වීමට නියමිත ප‍්‍රධානම කී‍්‍රඩකයන් ලෙස හැදින්විය හැකිය.
තරගාවලියට සහභාගි වන ශ්‍රී ලංකා කණ්ඩායමේ නායකයා ලෙස ජාතික බිලියඞ් ශූර කේ. එච්. සිරිසෝම කටයුතු කරයි. තරගාවලියේ ත්‍යාග ප‍්‍රදානෝත්සවයේ ප‍්‍රධාන ආරාධිතයා ලෙස කී‍්‍රඩා අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා සහභාගි වීමට නියමිතය.
-036
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.