Last Update  :  2025-07-27 21:26:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story ආණ්ඩුකාර කුසලාන මොරටුවට
ආණ්ඩුකාර කුසලාන

ආණ්ඩුකාර කුසලාන මොරටුවට

editorial - 2022 පෙබ මස 08 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(රොෂාන් ගුණරත්න)

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කළ ආණ්ඩුකාර කුසලාන එක්දින තරගාවලියේ ශූරතාව හිමිකර ගැනීමට මොරටුව ක්‍රීඩා සමාජය සමත්විය. අන්තර් සමාජ පළමු කාණ්ඩයේ තරගාවලියට පසුව පැවැත්වෙන ඊළඟ තලයේ (දෙවැනි කොටසේ) තරගාවලිය මෙය වේ. ඕල්ඩ් ධර්මපාලියන්ස් ක්‍රීඩා සමාජයට එරෙහිව කෝල්ට් ක්‍රීඩාංගණයේදී පැවැති අවසන් මහා තරගයේදී ලකුණු 64 ක ජයග්‍රහණයක් හිමිකර ගැනීමට මොරටුව ක්‍රීඩා සමාජයට හැකිවිය.

ජයග්‍රහණය සඳහා ලකුණු 241 ක ඉලක්කයක් හඹාගිය ඕල්ඩ් ධර්මපාලියන්ස් පිලට ඕවර 42.2 කදී සියලුදෙනා දැවී රැස්කිරීමට හැකිවූයේ ලකුණු 176 ක් පමණි.

අයේෂ් හර්ෂණ (59) සහ ශානක සම්පත් (නොදැවී 51) අර්ධ ශතක ලබාගනිමින් පිත්තෙන් දස්කම් දැක්වුවද සෙසු පිතිකරුවන්ගේ දුර්වල පිතිහරඹය හේතුවෙන් ඕල්ඩ් ධර්මපාලියන්ස් පිලට පරාජය හිමිවිය. තෙවින් ඊරියගම, ඩිල්ෂාන් මෙන්ඩිස් සහ සවිඳු පීරිස් කඩුලු 3 බැගින් දවාගනිමින් මොරටුව පිල ජයග්‍රහණය කරා රැගෙන යාමට දායක වූහ.

කාසියේ වාසිය දිනාගත් ඕල්ඩ් ධර්මපාලියන්ස් පිල පළමුව පන්දුවට පහරදීම සඳහා මොරටුව පිලට ආරාධනා කළ අතර ඕවර 50 අවසානයේ කඩුලු 8 ක් දැවී ඔවුන්ට රැස්කිරීමට හැකිවූයේ ලකුණු 240 ක් පමණි.

අර්ධ ශතකයක් ලබාගනිමින් පිත්තෙන් දස්කම් දැක්වූ නයන ප්‍රනාන්දු ලකුණු 75 ක් ලබාගත් අතර යොහාන් පෙරේරා ලකුණු 45 ක් සහ සිතාර හපුහින්න ලකුණු 38 ක් ලබාගනිමින් මොරටුව පිලේ ලකුණු සංඛ්‍යාව ඉහළ දැමීමට දායක වූහ.

ඕල්ඩ් ධර්මපාලියන්ස් පිල වෙනුවෙන් ශානක සම්පත් ලකුණු 48 කට කඩුලු 3 ක් දවාගනිමින් පන්දුවෙන් දස්කම් දැක්වීය.

මොරටුව  - ඕවර 50 කදී කඩුලු 8 ක් දැවී 240
(නයන ප්‍රනාන්දු 75, යොහාන් පෙරේරා 45, සිතාර හපුහින්න 38, ශානක සම්පත් 48/3)

ඕල්ඩ් ධර්මපාලියන්ස් - ඕවර 42.2 කදී සියලුදෙනා දැවී 176
(අයේෂ් හර්ෂණ 59, ශානක සම්පත් නොදැවී 51, රජිත වීරසිංහ 22, තෙවින් ඊරියගම 19/3, ඩිල්ෂාන් මෙන්ඩිස් 27/3, සවිඳු පීරිස් 40/3)


අදහස් (0)

ආණ්ඩුකාර කුසලාන මොරටුවට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.