Last Update  :  2024-04-18 21:39:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story අෂේන් - සහන් බ්ලූස් පිලට ජය ගෙනෙති

අෂේන් - සහන් බ්ලූස් පිලට ජය ගෙනෙති

editorial - 2021 අගෝ මස 14 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(රොෂාන් ගුණරත්න)

අෂේන් බණ්ඩාර (නොදැවී 36) සහ සහන් ආරච්චිගේ (38) එක්ව පස්වැනි කඩුල්ල සඳහා පන්දු 38 කදී පැවැත්වූ අගනා ලකුණු 71 ක සම්බන්ධතාවය හේතුවෙන් අෂාන් ප්‍රියංජන්ගේ නායකත්වයෙන් යුත් ග්‍රීන්ස් පිලට එරෙහිව කඩුලු 5 ක ජයක් හිමිකර ගැනීමට ඇන්ජලෝ පෙරේරාගේ නායකත්වයෙන් යුත් බ්ලූස් පිල සමත්විය. ආරාධිත විස්සයි20 තරගාවලියේ සිව්වැනි තරගය මහනුවර පල්ලේකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැත්වුණි.

ජයග්‍රහණය සඳහා ලකුණු 181 ක ඉලක්කයක් හඹාගිය බ්ලූස් පිල ඕවර 19.3 කදී කඩුලු 5 ක් පමණක් දැවී ඉලක්කය පහසුවෙන් පසුකිරීමට සමත්විය.

සධීර සමරවික්‍රම සහ ධනංජය ලක්ෂාන් එක්ව දෙවැනි කඩුල්ල සඳහා පන්දු 49 කදී ලකුණු 75 ක සම්බන්ධතාවයක් පවත්වමින් බ්ලූස් පිලේ ජයග්‍රහණයට අවශ්‍ය අඩිතාලම දමා දීමට සමත්වූහ.

සධීර සමරවික්‍රම පන්දු 38 කදී හයේ පහරක් සහ හතරේ පහර 3 ක් සමගින් ලකුණු 47  ක් ද, අෂේන් බණ්ඩාර පන්දු 18 කදී හයේ පහර 2 ක් සහ හතරේ පහර 2 ක් සමගින් නොදැවී ලකුණු 36 ක් සහ සහන් ආරච්චිගේ පන්දු 22 කදී හයේ පහර 2 ක් සහ හතරේ පහරක් සමගින් ලකුණු 38 ක් රැස්කරමින් පන්දුවෙන් දස්කම් දැක්වුහ.

කාසියේ වාසිය දිනා පළමුව පන්දුවට පහරදුන් ග්‍රීන්ස් පිල ඕවර 20 අවසානයේ කඩුලු 2ක් පමණක් දැවී ලකුණු 180 ක් රැස්කිරීමට සමත්වූහ. පැතුම් නිස්සංක සහ කමිඳු මෙන්ඩිස් අර්ධ ශතක ලබාගනිමින් ග්‍රීන්ප් පිල ඉහළ ලකුණු සංඛ්‍යාවක් කරා ගෙන යාමය සමත්වීය.

ලකුණු 1 ක්ව තිබියදී ග්‍රීන්ස් පිලේ පළමු කඩුල්ල දැවී ගියද ළහිරු උදාර සමගින් එක්ව දෙවැනි කඩුල්ල සඳහා පන්දු 68 කදී ලකුණු 84 ක සම්බන්ධතාවයක් ගොඩනැගූ පැතුම් නිස්සංක ඉන් නොනැවතී තෙවැනි කඩුල්ල සඳහා කමිඳු මෙන්ඩිස් සමගින්ද එක්ව පන්දු 46 කදී ලකුණු 95 ක නොබිඳුණු සම්බන්ධතාවයක් ගොඩනැගීය.

පන්දු 54 කදී හයේ පහර 3 ක් සහ හතරේ පහර 7 ක් සමගින් නොදැවී ලකුණු 76 ක් රැස්කිරීමට පැතුම් නිස්සංක සමත්වූ අතර ප්‍රවේගකාරී පිතිහරඹයක නිරතවූ කමිඳු මෙන්ඩිස් පන්දු 25 කදී හයේ පහර 3 ක් සහ හතරේ පහර 4 ක් සමගින් නොදැවී ලකුණු 53 ක් රැස්කිරීමට සමත්විය.

මහේෂ් තීක්‍ෂණ දක්ෂ පන්දු යැවීමක නිරත වෙමින් සිය ඕවර 4 ලකුණු 12 කට සීමාකරමින් ග්‍රීන්ස් පිලේ පිතිකරුවන් මෙල්ල කිරීමට සමත්වුවද සෙසු පන්දු යවන්නන් ප්‍රහාරයට ලක්වූහ.

ග්‍රීන්ස් පිල - ඕවර 20 කදී කඩුලු 2 ක් දැවී 180
(ළහිරු උදාර 44, පැතුම් නිස්සංක නොදැවී 76, කමිඳු මෙන්ඩිස් නොදැවී 53, මහේෂ් තීක්‍ෂණ 12/2)

බ්ලූස් පිල - ඕවර 19.3 කදී කඩුලු 5 ක් දැවී 181
(සධීර සමරවික්‍රම 47, ධනංජය ලක්ක්‍ෂාන් 27, අෂේන් බණ්ඩාර නොදැවී 36, සහන් ආරච්චිගේ 38)


අදහස් (0)

අෂේන් - සහන් බ්ලූස් පිලට ජය ගෙනෙති

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.