Last Update  :  2025-05-10 11:11:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story අවේෂ් - හෝල්ඩර් ලක්නව් පිල දිනවති
අයි.පී.එල්.- 2022

අවේෂ් - හෝල්ඩර් ලක්නව් පිල දිනවති

editorial - 2022 අප්‍රේ මස 04 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියේ 12 වැනි තරගය ලෙස ලක්නව් සුපර් ජයන්ට්ස් කණ්ඩායම සහ සන්රයිසස් හයිද්‍රාබාද් කණ්ඩායම අතර මුම්බායිහිදී අද (4 වැනිදා) පැවැත්වෙන තරගයෙන් ලකුණු 12 ක ජයක් වාර්තා කිරීමට ලක්නව් සුපර් ජයන්ට්ස් කණ්ඩායම සමත් විය. මේ දක්වා තරග 3 කට සහභාගි වී ඇති ලක්නව් කණ්ඩායම එහිදී ලැබූ දෙවැනි ජය මෙය විය.

ජයග්‍රහණය සඳහා ලකුණු 170 ක ඉලක්කයක් හඹාගිය හයිද්‍රාබාද් කණ්ඩායමට අවේෂ් ඛාන් සහ ජේසන් හෝල්ඩර් ප්‍රමඛ ලක්නවු පන්දු යවන්නන්ගේ දක්ෂ පන්දු යැවීම හමුවේ ඕවර 20 අවසන් වන විට කඩුලු 9 ක් දැවී ලබාගත හැකි වූයේ ලකුණු 157 ක් පමණි. එහිදී දක්ෂ පන්දු යැවීමක නිරත වූ අවේෂ් ලකුණු 24 කට කඩුලු 4 ක් බිඳහෙළූ අතර හෝල්ඩර් ලකුණු 34 කට කඩුලු 3 ක් දවාගත්තේය.

හයිද්‍රාබාද් ඉනිමේ වැඩිම ලකුණු ලාභියා බවට පත්වූ රාහුල් ත්‍රිපාටි පන්දු 30 කදී හයේ පහරක් සහ හතරේ පහර 5 ක් සමග ලකුණු 44 ක් රැස්කළ අතර නිකලස් පූරන් පන්දු 24 කදී ලකුණු 34 ක් රැස්කළේ හයේ පහර 2 ක් සහ හතරේ පහර 3 ක් සමගිනි. නායක කේන් විලියම්සන් පන්දු 16 කදී හයේ පහරක් සහ හතරේ පහරක් සමග ලකුණු 16 ක් ලබා සිටියදී දැවී ගියේය.

පළමුවෙන් පන්දුවට පහරදුන් ලක්නව් සුපර් ජයන්ට්ස් කණ්ඩායම ඕවර 20 අවසානයේ කඩුලු 7 ක් දැවී ලකුණු 169 ක් ලබාගත්හ. එහිදී නායකත්වයේ පිතිහඹයර නිරත වූ ලෝකේෂ් රාහුල් පන්දු 50 කදී හයේ පහරක් සහ හතරේ පහර 6 ක් සමග ලකුණු 68 ක් රැස්කළේය. ලකුණු 27 කට කඩුලු 3 ක් බිඳවැටී තිබියදී දීපක් හූඩා (51) සමග එක්ව පන්දු 62 කදී ලකුණු 87 ක සම්බන්ධතාවක් ගොඩනැගීමටද රහුල් සමත් විය.

වේගවත් පිතිහරඹයක නිරත වූ හූඩා පන්දු 33 කදී ලබාගත් සිය අර්ධ ශතකය හයේ පහර 3 කින් සහ හතරේ පහර 3 කින් සැරසුවේය. අයුෂ් බදෝන් පන්දු 12 කදී හතරේ පහර 3 ක් සමග ලකුණු 19 ක් රැස්කිරමින් ලක්නව් කණ්ඩායමේ ලකුණු සංඛ්‍යාව ඉහළ දැමුවේය. ලක්නව් පිතිකරුවන් පීඩනයට පත්කළ ටී. නටරාජන්, වොෂින්ටන් සුන්දර් සහ රොමාරියෝ ශෙපර්ඩ් කඩුලු 2 බැගින් බිඳහෙළමින් එහිදී හයිද්‍රාබාද් කණ්ඩායම වෙනුවෙන් පන්දුවෙන් දස්කම් දැක්වූහ.

ලක්නව් සුපර් ජයන්ට්ස් කණ්ඩායම සහභාගි වූ මුල් තරග 2 ටම ක්‍රීඩා කළ ශ්‍රී ලංකා වේග පන්දු යවන ක්‍රීඩක දුෂ්මන්ත චමීරට මෙම තරගයේදී කණ්ඩායමේ ස්ථානයක් අහිමි වූ අතර ඔහු වෙනුවට බටහිර ඉන්දීය කොදෙව් තුන් ඉරියව් ක්‍රීඩක ජේසන් හෝල්ඩර් කණ්ඩායමට ඇතුලත් විය.


ලක්නව් සුපර් ජයන්ට්ස් පිල - ඕවර 20 කදී කඩුලු 7 කට 169

(ලොකේෂ් රාහුල් 68, දීපක් හූඩා 51, අයුෂ් බදෝනි 19, ටී. නටරාජන් 26/2, රොමාරියෝ ෂෙපර්ඩ් 42/2, වොෂින්ටන් සුන්දර් 28/2)

සන්රයිසස් හයිද්‍රාබාද් පිල - ඕවර 20 කදී කඩුලු 9 කට 157

(කේන් විලියම්සන් 16, රාහුල් ත්‍රිපාටි 44, නිකලස් පූරන් ‍34, වොෂින්ටන් සුන්දර් 18, අවේෂ් ඛාන් 24/4, ජේසන් හෝල්ඩර් 34/3, කෘනාල් පාණ්ඩ්‍යා 27/2)

-036

 


අදහස් (0)

අවේෂ් - හෝල්ඩර් ලක්නව් පිල දිනවති

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.