
ඕවර 50, එක්දින සීමිත ඕවර ලෝක කුසලාන තරගාවලිය ආරම්භ වීමට සති තුනක් තිබියදී ලෝක කුසලානය කොළඹට ගෙනෙන ලදි. ශ්‍රී ලංකාවේ ප්‍රධාන ව්‍යාපාරික මධ්‍යස්ථාන වන ලෝක වෙළෙඳ මධ්‍යස්ථානයේදී සහ වන් ගෝල් ෆේස්හිදී ලෝක කුසලානය ප්‍රදර්ශනය කෙරිණ.
ශ්‍රී ලංකා එක්දින කණ්ඩායමේ නායක දසුන් ශානක, ක්‍රීඩකයන් වන මතීෂ පතිරණ සහ දුනිත් වෙල්ලාලගේ ලෝක කුසලානය සමග.
ක්‍රිකට් ක්‍රීඩාවේ නියුතු රටවල් 20 කට පමණ ගෙන යාමෙන් පසුව ලෝක කුසලානය ශ්‍රී ලංකාවට ගෙනෙන ලදි. ශ්‍රී ලංකාවේ ප්‍රදර්ශනයෙන් පසුව ලෝක කුසලානය ඉන්දියාවට ගෙන ගිය අතර 2023 ලෝක කුසලාන තරගාවලිය ඔක්තෝබර් මස 05 වැනිදා ඉන්දියාවේ අහමදාබාද් නුවරදි ආරම්භ වේ.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.