
පළමු ඉනිමේදී ලකුණු 138 කට දැවී ගිය දකුණු අප්‍රිකානුවෝ ලෝඩ්ස් ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන ලෝක ටෙස්ට් ශූරතාවලියේ අවසන් මහ තරගයේ දෙවැනි දිනය වූ අද (12 වැනිදා) ඕස්ටේ්‍රලියානු දෙවැනි ඉනිමේ කඩුලු 7 ක් ලකුණු 73 කට බිම දැමූහ. එහෙත් ඇලෙක්ස් කේරි (43) සහ මිචෙල් ස්ටාක් (නොදැවී 16) එක්ව අද සවස ක්‍රීඩාව නතර කරන විට ඕස්ටේ්‍රලියානු දෙවැනි ඉනිමේ ලකුණු සංඛ්‍යාව කඩුලු 8 කට 144 දක්වා ඉහළ ගත්හ.
මුල් ඉනිමේදී ලැබුණු ලකුණු 74 ක වාසියත් එක්වූ කල්හි ඕස්ටේ්‍රලියානුවෝ මේවන විට ලකුණු 218 ක් ඉදිරියෙන් සිටිති.
දකුණු අප්‍රිකානුවෝ සිය පළමු ඉනිම වෙනුවෙන් කඩුලු 5 ක් දැවී ලකුණු 121 ක් ලබා සිටියහ. දකුණු අප්‍රිකානුවන්ගේ කඩුලු 4 ක් ලකුණු 30 කට ඇද වැටුණු නමුත් නායක ටෙම්බා බවුමා (36) සහ ඩේවිඩ් බෙඩිංහැම් (නොදැවී 39) එක්ව කණ්ඩායම ඉදිරියට තල්ලු කරගෙන ගියහ.
මානස් ලැබුෂේන්ගේ අති විශිෂ්ට උඩපන්දු රැකීමක් හමුවේ බවුමාගේ ඉනිම අවසන් වන විට ලකුණු පුවරුවේ සටහන් වූයේ කඩුලු 5 කට 94 ක් ලෙසිනි. එහෙත් ධෛර්යසම්පන්න පිතිහරඹයක නිරත වෙමින් ඉදිරියටම ගිය බෙඩිංහැම් සහ කඩුලු රකින්නා වන කයිල් වර්රීන් ලකුණු සංඛ්‍යාව 121 දක්වා ඉදිරියට ගෙන ගියේ ඕස්ටේ්‍රලියානුවන් සහ තමන් අතර පරතරය ලකුණු 91 ක් දක්වා අඩුකරමිනි.
දිවා ආහාරයට පන්දු 4 ක් ඉතිරිව තිබියදී තම පා අවරණය අස්සට වැදුණු පන්දුව ඩේවිඩ් බෙඩිංහැම් විසින්ම අල්ලා බිමට නොදැම්මා නම් ඇතැම් විට ඔහු දැවී යාමටත් තිබිණ. බියු වෙබ්ස්ටර්ගේ පන්දුව බෙඩිංහැම්ගේ පා ආවරණ අතරට යාමෙන් පසුව කඩුලු රකින්නා වූ ඇලෙක්ස් කේරි සැණෙකින් ඒ වෙත ළඟා වූයේ උඩ පන්දුව රැකගැනීමේ අභිලාෂයෙනි. එහෙත් කඩුලු රකින්නාට වඩා ඉක්මන් වූ බෙඩිංහැම්, පන්දුව අතින් අල්ලා බිමට දැම්මේ එය පිත්තේ වැදී තිබුණ බැවින්, ඇලෙක්ස් කේරි පන්දුව ලබාගත්තේ නම් තමන් දැවී යන බව දන්නා බැවිනි.
කෙසේ වෙතත් එය පන්දුව අතින් ඇල්ලීමේ අවස්ථාවක් බැවින් පිතිකරුවා දැවී ගිය බවට ඉල්ලීමක් කිරීමේ අවස්ථාව ඕස්ටේ්‍රලියානුවන්ට තිබිණ. ස්ටීවන් ස්මිත් සහ උස්මන් කවාජා තරමක ඉල්ලීමක් කළ නමුත් විනිසුරුවරුන් දෙදෙනාම තීරණය කළේ එහි දැවී යාමකට තරම් දෙයක් නොතිබූ බවයි. බියු වෙබ්ස්ටර් විසින් අනතුරුව යවන ලද පන්දු 3 න් 2 ක්ම බෙඩිංහැම් විසින් හතරේ සීමාවට යවනු ලැබීමෙන් පසුව දිවා ආහාරය සඳහා ක්‍රීඩාව නතර කෙරිණ.
දිවා ආහාරයෙන් පසුව පන්දුව අතට ගත් පැට් කමින්ස්ගේ විශිෂ්ට පන්දු යැවීමත් ඕස්ටේ්‍රලියානුවන්ගේ අග්‍රගණයේ පන්දු රැකීමත් නිසා දකුණු අප්‍රිකානු මුල් ඉනිම ලකුණු 138 කට සීමා විය.
ඕස්ටේ්‍රලියාව - පළමු ඉනිම 212 යි
(මානස් ලැබුෂේන් 17, ස්ටීවන් ස්මිත් 66, ට්‍රැවිස් හෙඩ් 11, බියු වෙබ්ස්ටර් 72, ඇලෙක්ස් කේරි 23, කගීසෝ රබාඩා 51/5, මාකෝ යැන්සන් 49/3)
දකුණු අප්‍රිකාව පළමු ඉනිම - 138 යි
(රයාන් රික්ල්ටන් 16, ටෙම්බා බවුමා 36, ඩේවිඩ් බෙඩිංහැම් 45, කයිල් වර්රීන් 13, මිචෙල් ස්ටාක් 41/2, පැට් කමින්ස් 28/6)
ඕස්ටේ්‍රලියාව - දෙවැනි ඉනිම කඩුලු 8 ට 144 යි
(මානස් ලැබුෂේන් 22, ස්ටීවන් ස්මිත් 13, ඇලෙක්ස් කේරි 43, මිචෙල් ස්ටාක් නොදැවී 16, කගීසෝ රබාඩා 44/3, ලුන්ගි න්ගිඩි 35/3)
- 213
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.