Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
ඉන්දියාවේ සිටින ප්‍රබලතම පිතිකරුවා ලෙසින් අවිවාදයෙන් සැලකෙන විරාට් කෝලි, ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩාවෙන් විශ්‍රාම ගැනීමේ අදහස පිළිබඳව ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලයට දැනුම් දී තිබේ. විරාට් කෝලි පිළිබඳ පුවත වාර්තා වන්නේ රෝහිත් ෂර්මා ටෙස්ට් පිටියෙන් සමුගැනීමෙන් දින දෙකකට පසුවය.
ඉන්දීය කණ්ඩායමේ ආරම්භක පිතිකරුවා වන රෝහිත් ෂර්මා මෙන්ම ඔහුගේ දිගුකාලීන කණ්ඩායමේ සගයා වන විරාට් කෝලි ටෙස්ට් පිටියෙන් සමුගැනීමට සූදානම් වන්නේ එංගලන්තයට එරෙහිව පැවැත්වීමට නියමිත තරග 5 කින් යුත් ටෙස්ට් තරගාවලියකට සති 6 ක පමණ කාලයක් ඉතිරිව තිබියදීය. ඉන්දියාව සහ එංගලන්තය අතර ටෙස්ට් තරගාවලිය ජුනි මස 20 වැනිදා හෙඩින්ග්ලි හිදී ආරම්භ වෙයි.
ඉන්දියාව සහ එංගලන්තය අතර පැවැත්වෙන මෙම තරගාවලිය වසර 2025-27 ලෝක ටෙස්ට් ශූරතාවලියේ ආරම්භක තරගාවලිය ද වෙයි.
විරාට් කෝලි මේ දක්වා ටෙස්ට් තරග 123 කදී ලකුණු 9,230 ක් රැස්කරගෙන තිබේ. එම කාලය තුළ ඔහුගේ ටෙස්ට් ඉනිමක සාමාන්‍යය 46.85 ක් වන අතර ඔහු ලබා ඇති ශතක සංඛ්‍යාව 30 කි. ඔහු ඉන්දියාවේ වඩාත්ම සාර්ථක ටෙස්ට් නායකයා ද වන අතර, කෝලි නායකත්වය දුන් ටෙස්ට් තරග 68 න් 40 ක් ජයග්‍රහණය කර ඇත.
- 213
Nimal Saturday, 10 May 2025 10:30 PM
ඔහු 10000 සම්පූර්ණ කළ යුතුයි.
Reply 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.