
ඉන්දියාව සහ දකුණු අප්‍රිකාව අතර ගුවහටි නුවරදී පැවැත්වෙන දෙවැනි ටෙස්ට් ක්‍රිකට් තරගයේ පළමු දිනය වූ අද (22 වැනිදා) කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහරදුන් දකුණු අප්‍රිකාව ක්‍රීඩාව නතර කරන විට සිය පළමු ඉනිම වෙනුවෙන් කඩුලු 6 ක් දැවී ලකුණු 247 ක් ලබා සිටියේය.
පළමු දිනය නිමාවට පත්වන විට පන්දුවට පහර දෙමින් සිටි සෙනුරන් මුත්තුසාමි හතරේ පහර 4 ක් සමග ලකුණු 25 ක්ද, කයිල් වැරේන් එක් ලකුණක්ද ලබා නොදැවී කඩුල්ලේ රැදී සිටියහ. දකුණු අප්‍රිකානු ඉනිමේ බිඳවැටුණු කඩුලු 6 න් 3 කටම හිමිකම් කීමට කුල්දීප් යාදව් සමත් විය.
ආරම්භක පිතිකරුවන් වූ ඒඩ්න් මාක්‍රම් හතරේ පහර 5 ක් සමග ලකුණු 38 ක්ද, රයන් රිකෙල්ටන් හතරේ පහර 5 ක් සමග ලකුණු 35 ක්ද රැස්කරමින් පළමු කඩුල්ල සඳහා ලකුණු 82 ක සම්බන්ධතාවක් ගොඩනැගුවේ දකුණු අප්‍රිකාවට සාර්ථක ආරම්භයක් ලබා දෙමිනි. බුම්රාගේ පන්දුවක් කඩුල්ලේ දැවටීමෙන් මාක්‍රම් දැවීයෑමත් සමග එම සම්බනධතාව නිමාවට පත්විය.
ඉන් අනතුරුව පිටියට පිවිසි ටි්‍රස්ටන් ස්ටබ්ස් හයේ පහර 2 ක් සහ හතරේ පහර 4 ක් සමග ලකුණු 49 ක් රැස්කළ අතර නායක ටෙම්බා බවුමා (41) සමග එක්ව දකුණු අප්‍රිකානු ඉනිමේ තෙවැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 84 ක සම්බන්ධතාවක් ගොඩනැගීමටද ඔහු සමත් විය. බවුමාගේ ඉනිමද හතරේ පහර 5 කින් සමන්විත විය.
දකුණු අප්‍රිකානු පළමු ඉනිම - කඩුලු 6 කට 247
(ඒඩ්න් මාක්‍රම් 38, රයන් රිකෙල්ටන් 35, ටි්‍රස්ටන් ස්ටබ්ස් 49, ටෙම්බා බවුමා 41, ටෝනි ඩි’ සෝර්සි 28, සෙනුරන් මුත්තුසාමි 25, කුල්දීප් යාදව් 48/3)
-036
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.