
දකුණු අප්‍රිකාවට එරෙහිව බදාදා නවී මුම්බායි හිදී පැවති පුහුණු තරගයේදී ආබාධයකට ලක්වීමෙන් ඉන්දීය වේග පන්දු යවන ක්‍රීඩක හර්ෂිත් රානාට විස්සයි-20 ලෝක කුසලාන තරගාවලියෙන් ඉවත් වීමට සිදුවී තිබේ.
පෙබරවාරි 4 වැනිදා දින දකුණු අප්‍රිකාවට එරෙහිව පැවති පුහුණු තරගයේදී පන්දු යවමින් සිටි හර්ෂිත් රානා දෙවතාවක්ම පන්දු යැවීමට දිව ආ නමුත් ඔහුගේ දණහිසේ ඇතිවූ ආබාධය හේතුවෙන් පන්දු යැවීමෙන් ඉවත් විය. ඔහු යැවූ එකම ඕවරයේදී දකුණු අප්‍රිකානුවෝ ලකුණු 16 ක් ලබාගත්හ.
බ්‍රහස්පතින්දා පැවැත්වූ වෛද්‍ය පරීක්‍ෂණ වලින් තහවුරු වූයේ ඔහුගේ දකුණු දණහිසේ ඇතිව තිබෙන ආබාධය සුවකරගැනීම සඳහා ශල්‍යකර්මයකට මුහුණ දිය යුතු බවයි.
හර්ෂිත් වෙනුවට ආදේශ කරන්නේ කාවද යන්න විමසූ විට, තවත් තුන් ඉරියව් ක්‍රීඩකයෙකු කණ්ඩායමට එක් කිරීම අවශ්‍යම නොවන බව ඉන්දීය නායක සූර්යකුමාර් යාදව් පැවසීය.
මෙවර ලෝක කුසලාන තරගාවලියේදී ඉන්දියාවේ පළමු තරගය වන්නේ ඇමරිකා එක්සත් ජනපදයට එරෙහිව පෙබරවාරි 7 වැනිදා (හෙට) මුම්බායි හි වැන්කඩේ ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන තරගයයි.
- 213
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.