Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර හෙට (20 වැනිදා) පැවැත්වෙන තරගයෙන් ආසියානු කුසලාන තරගාවලියේ සුපිරි 4 දෙනාගේ වටය ආරම්භ වෙයි. ඉන්දියාව සහ පාකිස්තානය ‘ඒ’ කාණ්ඩයෙන්ද, ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය ‘බී’ කාණ්ඩයෙන් ද තරගාවලියේ සුපිරි 4 දෙනාගේ වටයට සුදුසුකම් ලබා සිටිති.
ඉන්දීයාව සහ පාකිස්තානය අතර මෙන්ම ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර තරගත් නැවත නැවත පැවැත්වීමේ අරමුණු පෙරදැරිව මෙවරත් ආසියානු කුසලාන තරගාවලියේ කාලසටහන සකස් කර තිබේ. වැඩි පිරිසකට තරග නැරඹීමේ පහසුකම ලබාදීම සඳහාම ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර තරගය සෙනසුරාදාටත් (20 වැනිදා), ඉන්දියාව සහ පාකිස්තානය අතර තරගය ඉරිදාටත් (21 වැනිදා) යොදොගෙන තිබේ.
සුපිරි 4 දෙනාගේ වටයේ තරග ලීග් පදනම මත පැවැත්වෙන නමුත් සුපිරි 4 වටය නිමාවේදී ප්‍රසාද ලකුණු පුවරුවේ ඉහළින්ම සිටින කණ්ඩායම් දෙක 28 වැනිදා පැවැත්වෙන අවසන් මහ තරගයට සුදුසුකම් ලබනු ඇත.
සියලුම තරග ශ්‍රී ලංකාවේ වේලාවෙන් රාත්‍රී 8.00 ට ආරම්භ වේ.
සුපිරි 4 දෙනාගේ වටයේ කාලසටහන
සැප් 20 - ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර
සැප් 21 - ඉන්දියාව සහ පාකිස්තානය අතර
සැප් 22 - විවේක දිනය
සැප් 23 - ශ්‍රී ලංකාව සහ පාකිස්තානය අතර
සැප් 24 - ඉන්දියාව සහ බංග්ලාදේශය අතර
සැප් 25 - බංග්ලාදේශය සහ පාකිස්තානය අතර
සැප් 26 - ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර
සැප් 27 - විවේක දිනය
සැප් 28 - අවසන් මහ තරගය
- 213
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.