Last Update  :  2025-05-30 23:45:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව T20 Cricket සල්මන් - හසන් පාකිස්තානය දිනවති
1 වැනි විස්සයි-20 තරගය

සල්මන් - හසන් පාකිස්තානය දිනවති

editorial - 2025 මැයි මස 29 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(ප්‍රංශ පුවත් සේවය ඇසුරිනි)

නායක සල්මන් ආඝා සිය වෘත්තීය ජීවිතයේ හොඳම ඉනිම වාර්තා කරද්දී වේග පන්දු යවන හසන් අලි ඔහුගේ මංගල කඩුලු 5 ඉනිම වාර්තා කරමින් පාකිස්තානය ලකුණු 37 ක ජයග්‍රහණයක් කරා කැඳවාගෙන ගියහ. ලාහෝර් නුවර ගඩාෆි ක්‍රීඩාංගණයේදී ඊයේ (28 වැනිදා) පැවති පළමු විස්සයි20 ජාත්‍යන්තර තරගයේදී පාකිස්තානු නායකයා සහ වේග පන්දු යවන්නා තරගයේ වැඩි වගකීමක් ගෙන ක්‍රීඩා කළහ. 

පළමුවෙන් පන්දුවට පහර දුන් පාකිස්තානුවෝ නියමිත ඕවර 20 නිමාවේදී කඩුලු 7 කට ලකුණු 201 ක් ලබාගත්හ. එහෙත් සංචාරක බංග්ලාදේශීන්ට ලබාගත හැකිවූයේ ලකුණු 164 කි. මෙම තරගය ජයගැනීම නිසා තරග 3 කින් සමන්විත විස්සයි-20 තරගාවලියේදී පාකිස්තානය 1-0 ක් ලෙසින් පෙරමුණ ගෙන සිටී. 

වේගවත් ලකුණු 48 ක් ලබා ගත් තුන් ඉරියව් ක්‍රීඩක ෂදාබ් ඛාන්, පන්දුව අතට ගැනීමෙන් පසුව ප්‍රතිවාදී නායක ලිටන් දාස් (පන්දු 30 කින් ලකුණු 48 ක්) දවාගත්තේ තුන්වන කඩුල්ල සඳහා ලකුණු 63 ක සටන්කාමී සම්බන්ධතාවයක් ගොඩනඟමින් සිටියදීය. වරෙක ලකුණු 37 කට කඩුලු 2 ක් අහිමිකරගෙන සිටි බංග්ලාදේශය, ලිටන් දාස් සහ තව්හීද් රිදෝයි අතර සම්බන්ධතාව හේතුවෙන් ලකුණු 100 කට කඩුලු 2 ක් ලබා සිටියේය. එහෙත් මෙම පිතිකරුවන් දෙදෙනාම ලකුණු 02 ක් අතර දැවීයාම හේතුවෙන් බංග්ලාදේශ පිතිකරුවෝ වල්මත් වූහ. 

හයේ පහර තුනක් සහ හතරේ පහරක් සමගින් පන්දු 21 කින් ලකුණු 36 ක් ලබාගැනීමට ජේකර් අලී සමත් වූවත් වේග පන්දු යවන ක්‍රීඩක හසන් අලී විසින් ජේකර්ගේ ඉනිමත් අවසන් කරන ලදි. ශාරීරික ආබාධයක් හේතුවෙන් වසරක පමණ කාලයක් ක්‍රිකට් පිටියෙන් ඉවත්ව සිටි හසන් අලී සිය පුනරාගමනය සටහන් කළේ කඩුලු 5 ක් දවාගනිමිනි. 

 හසන් පැවසුවේ තමාගේ දස්කම් සම්බන්ධයෙන් සතුටින් හා තෘප්තිමත්ව සිටින බවයි.

“පසුගිය මාස අට ඉතා දුෂ්කර කාලයක්. මොකද ඒක මගේ අනාගතය විනාශ කිරීමට තරම් තර්ජනාත්මක ආබාධයක්. ඒත් ආපසු ඇවිදින් කණ්ඩායමේ ජයග්‍රහණයට දායක වීමට ලැබීම ගැන මා සතුටු වෙනවා” යයි පසුගිය වසරේදී වැලමිටේ සැත්කමකට භාජනය වූ හසන් අලී පැවසීය.

“සුවය ලබන කාලය අතරතුරත් මා වෙහෙස මහන්සි වී වැඩ කළා. එම වෙහෙස මහන්සි වී වැඩ කිරීමේ ප්‍රතිඵල තියෙනවා” යයි ද හසන් අලී පැවසීය.

අපේක්‍ෂා කළ හැකි පරිදිම බංග්ලාදේශ නායක ලිටන් දාස් මහත් අසතුටින් සිටියේය.

“තරගයේ ආරම්භයේ ඉඳලාම අපි හොඳින් පන්දු යැව්වේ නෑ, හොඳින් පිතිහරඹය කළේ නෑ. හොඳින් පන්දු රැකීම කළෙත් නෑ”

“කොහොම වුණත් තවත් තරඟ දෙකක් තියෙනවා. ඒ නිසා අපි ශක්තිමත්ව නැඟී සිටිය යුතුයි” යයි බංග්ලාදේශ නායකයා කීවේය. 

පාකිස්තානු නායක සල්මන් අඝා පන්දු 34 කදී හතරේ පහර 8 ක් සහ හයේ පහරක් සමඟින් ලකුණු 56 ක් රැස් කළ අතර, හසන් නවාස් පන්දු 22 කදී හයේ පහර 4 ක් සමඟින් ලකුණු 44 ක් ලබා ගත්තේය. 
කාසියේ වාසිය දිනා පන්දුවට පහර දීමට තීරණය කළ සත්කාරක කණ්ඩායම ලකුණු 200 සීමාව කරා කැඳවාගෙන යාමට නායකයාගෙත්, හසන් නවාස්ගේත් පිතිහරඹය මහෝපකාරී විය. 


පාකිස්තානය -ඕවර 20 කදී කඩුලු 7 ට 201 යි
(සයිම් අයුබ් 31, සල්මන් අඝා 56, හසන් නවාස් 44, ශදාබ් ඛාන් 48, ෆාහිම් අශ්රෆ් නොදැවී 11, ෂොරිෆුල් ඉස්ලාම් 32/2)

බංග්ලාදේශය - ඕවර 19.2 කදී සියලු දෙනා දැවී 164 යි
(ටැන්සිඩ් හසන් 31, ලිටන් දාස් 48, තව්හීද් රිදෝයි 17, ජේකර් අලී 36, හසන් අලී 30/5, ශදාබ් ඛාන් 26/2)


- 213


අදහස් (0)

සල්මන් - හසන් පාකිස්තානය දිනවති

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.