Last Update  :  2025-08-03 21:52:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව T20 Cricket පාකිස්තානුවෝ පළමු තරගය ජය ලබති

පාකිස්තානුවෝ පළමු තරගය ජය ලබති

editorial - 2025 අගෝ මස 01 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

පාකිස්තානය සහ බටහිර ඉන්දීය කොදෙව් පිල අතර ඇමරිකා එක්සත් ජනපදයේ ෆ්ලොරීඩාහි ලෝඩර්හිල් ක්‍රීඩාංණයේදී පැවැත්වෙන තරග 3 කින් සමන්විත විස්සයි-20 ක්‍රිකට් තරගාවලියේ පළමු තරගය ලකුණු 14 කින් ජය ලැබීමට පාකිස්තානය ඊයේ (31 වැනිදා) සමත් විය. 

ජයග්‍රහණය සඳහා ලකුණු 178 ක ඉලක්කයක් හඹාගිය කොදෙව්වන්ට ඕවර 20 අවසානයේ කඩුලු 7 ක් දැවී ලබාගත හැකි වූයේ ලකුණු 164 ක් පමණි. දක්ෂ පන්දු යැවීමක නිරත වූ මොහොමඩ් නවාස් සිය ඕවර 4 ලකුණු 23 කට සීමා කරමින් කඩුලු 3 ක් දවාගත් අතර සයිම් අයුබ් ලකුණු 20 කට කඩුලු 2 ක් බිඳහෙළීය. 

ජෙන්සන් චාල්ස් (35) සහ ජෙවෙල් ඇන්ඩෘ (35) එක්ව පළමු කඩුල්ල වෙනුවෙන් පන්දු 67 කදී ලකුණු 72 ක සම්බන්ධතාවක් ගොඩනැගීමට සමත් වුවද, කොදෙව් කණ්ඩායම ජයග්‍රහණය කරා ගෙන යෑමට තරම් එය ප්‍රමාණවත් නොවීය. පන්දු 36 කදී වාර්තා වූ චාල්ස්ගේ ඉනිම හයේ පහර 2 කින් සහ හතරේ පහර 2 කින් සමන්විත වූ අතර පන්දු 33 කදී වාර්තා වූ ඇන්ඩෘගේ ඉනිමට හයේ පහර 3 ක් සහ හතරේ පහරක් ඇතුළත් විය.  

පළමුවෙන් පන්දුවට පහරදුන් පාකිස්තානය ඕවර 20 අවසානයේ කඩුලු 6 ක් දැවී ලකුණු 178 ක් ලබාගත්තේය. එහිදී ආරම්භක පිතිකරු සයිම් අයුබ් පන්දු 38 කදී හයේ පහර 2 ක් සහ හතරේ පහර 6 ක් සමග ලකුණු 57 ක් රැස්කළේය. ෆකාර් සමාන් පන්දු 24 කින් ලකුණු 28 ක් රැස්කළේ හයේ පහරක් සහ හතරේ පහර 2 ක් සමගිනි. 


පාකිස්තානය - ඕවර 20 කදී කඩුලු 6 කට 178 
(සයිම් අයුබ් 57, ෆකාර් සමාන් 28, හසන් නවාස් 24, ෆාහීම් අෂ්රෆ් 16, ශාමර් ජෝෂප් 30/3) 

බටහිර ඉන්දීය කොදෙව් පිල - ඕවර 20 කදී කඩුලු 7 කට 164 
(ජොන්සන් චාල්ස් 35, ජෙවෙල් ඇන්ඩෘ 35, ජේසන් හෝල්ඩර් නොදැවී 30, ශාමර් ජෝෂප් නොදැවී 21, මොහොමඩ් නවාස් 23/3, සයිම් අයුබ් 20/2) 


-036 
 


අදහස් (0)

පාකිස්තානුවෝ පළමු තරගය ජය ලබති

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.