Last Update  :  2025-07-29 18:20:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව T20 Cricket තුන් කොන් සටනේ ජය නවසීලන්තයට

තුන් කොන් සටනේ ජය නවසීලන්තයට

editorial - 2025 ජුලි මස 27 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

නවසීලන්තය, දකුණු අප්‍රිකාව සහ සිම්බාබ්වේ අතර හරාරේ ක්‍රීඩාංගණයේදී පැවැති තුන් කොන් විස්සයි-20 ක්‍රිකට් තරගාවලියේ ශූරතාව දිනාගැනීමට නවසීලන්තය ඊයේ (26 වැනිදා) සමත් විය. දකුණු අප්‍රිකාවට එරෙහිව පැවැති අවසන් මහ තරගයේදී ලකුණු 3 ක තියුණු ජයක් වාර්තා කරමින් නවසීලන්ත ක්‍රීඩකයෝ එම ශූරතාවට හිමිකම් කීහ.

ජයග්‍රහණය සඳහා ලකුණු 181 ක ඉලක්කයක් හඹාගිය දකුණු අප්‍රිකානුවන්ට ඕවර 20 අවසානයේ කඩුලු 6 ක් දැවී ලබාගත හැකි වූයේ ලකුණු 177 ක් පමණි. දකුණු අප්‍රිකානු ඉනිමේ වැඩිම ලකුණු ලාභියා බවට පත්වූ ආරම්භක පිතිකරු ලෝන් ඩි්‍ර ප්‍රිටෝරියස්, පන්දු 35 කදී හයේ පහර 2 ක් සහ හතරේ පහර 5 ක් සමග ලකුණු 51 ක් රැස්කළද ජයග්‍රහණය සඳහා එය ප්‍රමාණවත් නොවීය. 

රීසා හෙන්ඩි්‍රක්ස් (37) සමග එක්ව පළමු කඩුල්ල වෙනුවෙන් පන්දු 58 කදී ලකුණු 92 ක වේගවත් සම්බන්ධතාවක් ගොඩනැගීමටද ප්‍රිටෝරියස් සමත් විය. පන්දු 31 කදී වාර්තා වූ හෙන්ඩි්‍රක්ස්ගේ ඉනිම හයේ පහර 4 කින් සමන්විත වූ අතර ඩේවෝල්ඩ් බ්‍රේවිස් පන්දු 16 කින් ලකුණු 31 ක් රැස්කළේ හයේ පහර 3 ක් සහ හතරේ පහරක් සමගිනි. 

පළමුවෙන් පන්දුවට පහරදුන් නවසීලන්තය ඕවර 20 අවසානයේ කඩුලු 5 ක් දැවී ලකුණු 180 ක් ලබාගත්තේය. ආරම්භක පිතිකරු ඩෙවේන් කොන්වේ පන්දු 31 කදී හයේ පහරක් සහ හතරේ පහර 6 ක් සමග ලකුණු 47 ක්ද, රචින් රවින්ද්‍ර පන්දු 27 කදී හයේ පහර 2 ක් සහ හතරේ පහර 4 ක් සමග ලකුණු 47 ක්ද රැස්කරමින් නවසීලන්ත ඉනිම සවිමත් කළහ.

 
නවසීලන්තය - ඕවර 20 කදී කඩුලු 5 කට 180 
(ටිම් සෙයිෆට් 30, ඩෙවෝන් කොන්වේ 47, රචින් රවින්ද්‍ර 47, ඩර්ලි මිචෙල් නොදැවී 16, මයිකල් බ්‍රාස්වෙල් 15, ලුංගි න්ගිඩි 24/2) 

දකුණු අප්‍රිකාව - ඕවර 20 කදී කඩුලු 6 කට 177 
(ලෝන් ඩි්‍ර ප්‍රිටෝරියස් 51, රීසා හෙන්ඩි්‍රක්ස් 37, රාසි වැන්ඩර් ඩූසන් 18, ඩෙවෝල්ඩ් බ්‍රේවිස් 31, මැතිව් හෙන්රි 19/2) 

-036 


අදහස් (0)

තුන් කොන් සටනේ ජය නවසීලන්තයට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.