Last Update  :  2025-09-12 21:03:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව T20 Cricket තුන් කොන් තරගාවලියේ ජය පාකිස්තානයට

තුන් කොන් තරගාවලියේ ජය පාකිස්තානයට

editorial - 2025 සැප් මස 08 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

පාකිස්තානය, ඇෆ්ඝනිස්තානය සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යය අතර සාජා නුවරදී පැවැති තුන් කොන් විස්සයි-20 ජාත්‍යන්තර ක්‍රිකට් තරගාවලියේ ශූරතාව දිනාගැනීමට පාකිස්තානය ඊයේ (7 වැනිදා) සමත් විය. ඇෆ්ඝනිස්තානයට එරෙහිව පැවැති අවසන් මහ තරගයේදී ලකුණු 75 ක ජයක් වාර්තා කරමින් පාකිස්තානුවෝ එම ශූරතාවට හිමිකම් කීහ.  

ජයග්‍රහණය සඳහා ලකුණු 142 ක ඉලක්කයක් හඹාගිය ඇෆ්ඝනිස්තානයට ඕවර 15.5 අවසානයේ සියලු දෙනා දැවී ලබාගත හැකි වූයේ ලකුණු 66 ක් පමණි. එහිදී විශිෂ්ඨ පන්දු යැවීමක නිරත වූ මොහොමඩ් නවාස් නිලකුණු ඕවරයක්ද සමග ඕවර 4 ක් යවා ලකුණු 19 කට කඩුලු 5 ක් බිහෙළමින් තරගයේ වීරයා බවට පත් විය. 

ඇෆ්ඝනිස්තාන කණ්ඩායමේ ජයග්‍රාහී මාවත අවහිර කිරීම සඳහා නවාස්ට අනගි සහායක් දුන් සුෆියාන් මුකීම් සහ අබ්‍රාර් අහමඩ් කඩුලු 2 බැගින් දවාගත් අතර ඇෆ්ඝනිස්තාන පිතිකරුවන් 8 දෙනෙකුම ලකුණු 10 සීමාව ඉක්මවා යෑමටත් මත්තෙන් ආපසු ක්‍රීඩාගාරය බලා ගියහ. ඉනිමේ ඉහළම ලකුණු ලාභියා වූ නායක රෂීඩ් ඛාන් පන්දු 18 කදී හයේ පහර 2 ක් සමග ලකුණු 17 ක් රැස්කළේය. 

කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහරදුන් පාකිස්තානය ඕවර 20 අවසානයේ කඩුලු 8 ක් දැවී ලකුණු 141 ක් ලබාගත්තේය. ෆකාර් සමාන් පන්දු 26 කින් ලකුණු 27 ක්ද, මොහොමඩ් නවාස් පන්දු 21 කින් ලකුණු 25 ක්ද, නායක සල්මාන් අඝා පන්දු 27 කින් ලකුණු 24 ක්ද රැස්කරමින් සිය කණ්ඩායමේ ලකුණු සංඛ්‍යාව ඉහළ දැමූහ. 

ඇෆ්ඝනිස්තානය වෙනුවෙන් නායක රෂීඩ් ඛාන් ඕවර 4 කදී ලකුණු 38 කට කඩුලු 3 ක්ද, නූර් අහමඩ් සහ ෆසාල්හක් ෆරූකි කඩුලු 2 බැගින්ද බිඳහෙළිමින් පන්දුවෙන් දස්කම් දැක්වූහ.

 
පාකිස්තානය - ඕවර 20 කදී කඩුලු 8 ක් දැවී 141
(සයිම් අයුබ් 17, ෆකාර් සමාන් 27, සල්මාන් ආඝා 24, හසන් නවාස් 15, මොහොමඩ් නවාස් 25, ෆාහීම් අෂ්රෆ් 15, රෂීඩ් ඛාන් 38/3, නූර් අහමඩ් 17/2, ෆසාල්හක් ෆරූකි 19/2) 

ඇෆ්ඝනිස්තානය - ඕවර 15.5 කදී සියලු දෙනා දැවී 66  
(රෂීඩ් ඛාන් 17, මොහොමඩ් නවාස් 19/5, සුෆියාන් මුකීම් 09/2, අබ්‍රාර් අහමඩ් 17/2) 

 

-036 


අදහස් (0)

තුන් කොන් තරගාවලියේ ජය පාකිස්තානයට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.