Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
නවසීලන්තය සහ ඕස්ට්‍රේලියාව අතර මවුන්ට් මන්ගනුයි නුවර බේ ඕවල් ක්‍රීඩාංගණයේදී පැවැති තෙවැනි විස්සයි-20 ක්‍රිකට් තරගයෙන් කඩුලු 3 ක ජයක් වාර්තා කළ ඕස්ටේ්‍රලියානුවෝ, තරග 3 කින් සමන්විත තරගාවලිය 2-0 ක් ලෙස ජය ගැනීමට සමත් වූහ. දෙරට අතර පැවැති දෙවැනි තරගය වර්ෂාව හේතුවෙන් අතහැර දැමීමට සිදුවිය.
ජයග්‍රහණය සඳහා ලකුණු 157 ක ඉලක්කයක් හඹාගිය ඕස්ටේ්‍රලියානුවෝ ඕවර 18 ක් අවසානයේ කඩුලු 7 ක් දැවී ඉලක්කය පසුකර ගියහ. යළිත් වරක් නායකත්වයේ පිතිහරඹයක නිරත වූ මිචෙල් මාෂ් පන්දු 52 කදී හයේ පහර 7 ක් සහ හතරේ පහර 8 ක් සමග නොදැවී ලකුණු 103 ක් රැස්කරමින් ඕස්ටේ්‍රලියානු කණ්ඩායම ජයග්‍රහණය කරා ගෙන ගියේය. එය මාෂ්ගේ මංගල විස්සයි-20 ශතකයද විය.
පිතිකරුවන් 6 දෙනෙකුම ලකුණු 10 සීමාව පසුකර යෑමටත් මත්තෙන් පිටියෙන් ඉවත්ව යද්දී එක් අන්තයක් රැකගෙන ප්‍රහාරය ක්‍රියාත්මක කළ මාෂ්, හුදෙකලා පිතිහරඹයක නිරත වෙමින් සිය කණ්ඩායම ජයග්‍රහණය කරා කැඳවාගෙන ගියේය. දක්ෂ පන්දු යැවීමක නිරත වූ ජේම්ස් නීෂම් කඩුලු 4 ක් බිඳහෙළුවද, ඔහුට සිය කණ්ඩායම පරාජයෙන් ගළවා ගෑනීමට නොහැකි විය.
පළමුවෙන් පන්දුවට පහරදුන් නවසීලන්ත කණ්ඩායම ඕවර 20 අවසානයේ කඩුලු 9 ක් දැවී ලකුණු 156 ක් ලබාගත් අතර නවසීලන්ත ඉනිමේ වැඩිම ලකුණු ලභියා බවට පත්වූ ටිම් සෙයිෆට් පන්දු 35 කදී හයේ පහර 3 ක් සහ හතරේ පහර 5 ක් සමග ලකුණු 48 ක් රැස්කළේය. නායක මිචෙල් බ්‍රාස්වෙල් පන්දු 22 කින් ලකුණු 26 ක් රැස්කළේ හයේ පහරක් සහ හතරේ පහර 2 ක් සමගිනි.
නවසීලන්තය - ඕවර 20 කදී කඩුලු 9 කට 156
(ටිම් සෙයිෆට් 48, මිචෙල් බ්‍රාස්වෙල් 26, ජේම්ස් නීෂම් 25, ෂොන් ඇබට් 25/3, ෂේවියර් බාට්ලට් 25/2, ජොෂ් හෙසල්වුඩ් 26/2)
ඕස්ට්‍රේලියාව - ඕවර 18 කදී කඩුලු 7 කට 160
(මිචෙල් මාෂ් නොදැවී 103, මිචෙල් ඕවන් 14, ජේම්ස් නීෂම් 26/4, ජෙකොබ් ඩෆී 29/2)
-036
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.