Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
සංචාරක බංග්ලාදේශ කණ්ඩායමට එරෙහිව සාජා ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැති දෙවැනි විස්සයි-20 ජාත්‍යන්තර ක්‍රිකට් තරගයෙන් කඩුලු 2 ක ජයක් වාර්තා කිරීමට එක්සත් අරාබි එමීර් කණ්ඩායම ඊයේ (19 වැනිදා) සමත් විය. මෙම ජයත් සමග තරග 3 කින් සමන්විත තරගාවලිය 1-1 ක් ලෙස සම තත්වයට පත් කිරීමටද එක්සත් අරාබි එමීර් කණ්ඩායමට හැකි විය.
ජයග්‍රහණය සඳහා ලකුණු 206 ක ඉලක්කයක් හඹාගිය එක්සත් අරාබි එමීර් ක්‍රීඩකයෝ, පන්දුවක් ඉතිරිව තිබියදී කඩුලු 8 ක් දැවී ඉලක්කය සපුරා ගත්හ. ප්‍රවේගකාරී පිතිහරඹයක නිරත වූ නායක මුහම්මද් වසීම් පන්දු 34 කදී හයේ පහර 5 ක් සහ හතරේ පහර 9 ක් සමග වේගවත් ලකුණු 82 ක් රැස්කරමින් සිය කණ්ඩායමට ජයග්‍රහණයේ මාවත විවර කර දුන්නේය.
මුහම්මද් සොහේබ් (38) සමග එක්ව පළමු කඩුල්ල වෙනුවෙන් පන්දු 61 කදී ලකුණු 107 ක වේගවත් සම්බන්ධතාවක් ගොඩනගමින් එක්සත් අරාබි එමීර් කණ්ඩායමට සාර්ථක ආරම්භයක් ලබා දීමටද වසීම් සමත් විය. පන්දු 34 කදී වාර්තා වූ සොහේබ්ගේ ඉනිම හයේ පහර 2 කින් සහ හතරේ පහර 3 කින් සමන්විත විය. අසීෆ් ඛාන් පන්දු 12 කින් ලකුණු 19 ක් රැස්කළේ හයේ පහර 2 ක් සමගිනි.
පළමුවෙන් පන්දුවට පහරදුන් බංග්ලාදේශ කණ්ඩායම ඕවර 20 අවසානයේ කඩුලු 5 ක් දැවී ලකුණු 205 ක් රැස්කළේය. සිය කණ්ඩායමට සාර්ථක ආරම්භයක් ලබාදුන් ටැන්සිඩ් හසන් (59) සහ නායක ලිටන් දාස් (40) පළමු කඩුල්ල සඳහා පන්දු 55 කදී ලකුණු 90 ක සම්බන්ධතාවක් ගොඩනැගූහ. එහිදී ටැන්සිඩ්ගේ ඉනිමට හයේ පහර 3 ක් සහ හතරේ පහර 8 ක්ද, දාස්ගේ ඉනිමට හයේ පහරක් සහ හතරේ පහර 3 ක්ද ඇතුළත් විය.
ඉනිමේ අවසන් ඕවර කිහිපයේදී පන්දු 24 කට මුහුණදුන් තව්හිත් රිඩෝයි හයේ පහර 2 ක් සහ හතරේ පහර 3 ක් සමග වේගවත් ලකුණු 45 ක් රැස්කරමින් සිය කණ්ඩායමේ ලකුණු සංඛ්‍යාව 200 සීමාවෙන් ඔබ්බට ගෙන ගියේය. නජ්මුල් හොසේන් ශාන්තෝ පන්දු 19 කදී හයේ පහරක් සහ හතරේ පහර 2 ක් සමග ලකුණු 27 ක්ද, ජාකීර් අලී පන්දු 6 කදී හයේ පහර 2 ක් සහ හතරේ පහරක් සමග ලකුණු 18 ක්ද රැස්කරමින් බංග්ලාදේශ ඉනිම සවිමත් කළහ.
බංග්ලාදේශය - ඕවර 20 කදී කඩුලු 5 කට 205
(ටැන්සිඩ් හසන් 59, ලිටන් දාස් 40, නජ්මුල් හොසේන් ශාන්තෝ 27, තව්හිද් රිඩෝයි 45, ජාකීර් අලී 18, මුහම්මද් ජවදුල්ලා 45/3, සඝීර් ඛාන් 36/2)
එක්සත් අරාබි එමීරය - ඕවර 19.5 කදී කඩුලු 8 කට 206
(මුහම්මද් සොහේබ් 38, මුහම්මද් වසීම් 82, අසීෆ් ඛාන් 19, හයිදර් අලී නොදැවී 15, රිෂාඩ් හොසේන් 28/2, ෂොරිෆුල් ඉස්ලාම් 34/2, නහිඩ් රානා 50/2)
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.