
දෙවැනි වතාවටත් ශ්‍රී ලංකා විස්සයි-20 කණ්ඩායමේ නායකත්වයට පත්වූ දසුන් ශානක ඇතුළු පිරිවර හමුවේ ධෛර්යවත් පිතිහරඹයක නිරත වූ සිම්බාබ්වේ ක්‍රීඩකයෝ රාවල්පිණ්ඩි නුවරදී අද (20 වැනිදා) පැවැති තුන්කොන් ක්‍රිකට් තරගයේදී ලකුණු 67 ක පහසු ජයක් අත්කර ගත්හ.
පළමුවෙන් පන්දුවට පහර දුන් සිම්බාව්වේ කණ්ඩායම ඕවර 20 ක් නිමාවේදී කඩුලු 8 ක් දැවී ලකුණු 162 ක් ලබාගත්තේය. 20 වැනි ඕවරයේ අවසන් පන්දුවේදී ශ්‍රී ලංකා පිතිකරුවෝ ලකුණු 95 කට දැවී ගියහ. කඩුලු 3 ක් දවාගනිමින් විශිෂ්ට පන්දු යැවීමක නිරත වූ බ්‍රැඩ් එවන්ස් සිය පන්දු යැවීම 4-0-09-3 ක් ලෙසින් සටහන් කරද්දී ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් ලකුණු 20 ඉක්මවා යා හැකිවූයේ නායක දසුන් ශානකට (34) පමණි.
බ්‍රයන් බෙනට් (49) සහ නායක සිකන්දර් රාසා (47) දෙදෙනාගේ පිතිහරඹය මතින් සිම්බාබ්වේ ඉනිම ගොඩනැඟුණු අතර වනිඳු හසුරංග (32/3) සහ එෂාන් මාලිංග (27/2) සාර්ථක පන්දු යැවීමක නිරත වූහ. සිම්බාබ්වේ ඉනිමට නිලකුණු පන්දු 42 ක් ඇතුළත් වූ නමුත් ලකුණු 161 න් ලකුණු 80 ක්ම පමිණියේ හතරේ පහර 11 කින් සහ හයේ පහර 6 කිනි.
- 213


ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.