Last Update  :  2025-10-15 21:48:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව T20 Cricket විස්සයි-20 සංචිතයට අලුත් මුහුණු 4 ක්
සිම්බාබ්වේ සංචාරය

විස්සයි-20 සංචිතයට අලුත් මුහුණු 4 ක්

editorial - 2025 අගෝ මස 28 {{hitsCtrl.values.hits}} Views 1 Comment
A A A

සිම්බාබ්වේ පිලට එරෙහිව ලබන මස 2 වැනිදා ආරම්භ වන තරග 3 කින් සමන්විත විස්සයි-20 තරගාවලිය සඳහා නම්කරන ලද ශ්‍රී ලංකා සංචිතයට අලුත් මුහුණු 4 ක් එක්කර තිබේ. සංචිතය ක්‍රීඩකයන් 17 දෙනකුගෙන් සමන්විතය. 

නුවනිඳු ප්‍රනාන්දු, කමිල් මිෂාර, විශේන් හැළඹගේ සහ දුෂාන් හේමන්ත සංචිතයට ඇතුළුව සිටින නවක ක්‍රීඩකයෝ වෙති. නුවනිඳු ප්‍රනාන්දු, කමිල් මිෂාර සහ විශේන් හැළඹගේ යන තිදෙනාම පිතිකරුවන් වන අතර දුෂාන් හේමන්ත දකුණත් පා දඟ පන්දු යවන්නෙකි. ඔහු පිළිබඳව පිතිකරුවකු වශයෙන් ද බලාපොරොත්තු තැබිය හැකිය.

 
ශ්‍රී ලංකා විස්සයි-20 සංචිතය
චරිත් අසලංක (නායකයා), පැතුම් නිස්සංක, කුසල් මෙන්ඩිස්, කුසල් ජනිත් පෙරේරා, නුවනිඳු ප්‍රනාන්දු, කමිඳු මෙන්ඩිස්, කමිල් මිෂාර, විශේන් හැළඹගේ, දසුන් ශානක, දුනිත් වෙල්ලාලගේ, චාමික කරුණාරත්න, මහීෂ් තීක්‍ෂණ, දුෂාන් හේමන්ත, දුෂ්මන්ත චමීර, බිනුර ප්‍රනාන්දු, නුවන් තුෂාර සහ මතීෂ පතිරණ

-213


අදහස් (1)

විස්සයි-20 සංචිතයට අලුත් මුහුණු 4 ක්
  • K C Sampath Tuesday, 02 September 2025 11:23 AM

    කුසල් ජනිත් ආරම්භක පිතිකරු විය යුතුයි.... අලුත් අයට අවස්ථාවක් දිම හොදයි. 04 දෙනාගෙන් එක් අයෙකු හෝ දෙදෙනෙකුට අවස්ථාවට අනුව යෙදුම යහපත් කමිදු මැන්ඩිස් ඉදිරි පෙළ පිතිකරුවෙකු විය යුතුයි.. දකුණත් පිතිකරුවන් වැඩි නිසා කුසල් ජනිත් පෙරේරා ආරම්භක පිතිකරු වී කුසල් මැන්ඩිස්ට පසු කමිදු මැන්ඩිස් පිතිකරණයේ යෙදී මං හොදයි...

    Reply 0       0


ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.