Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
සදිකුල්ලා අතල් සහ අස්මතුල්ලා ඔමර්සායි ලබාගත් අර්ධ ශතක නිසා කඩුලු 6 කට ලකුණු 188 ක් ලබාගත් ඇෆ්ඝනිස්ථානුවෝ ආසියානු කුසලාන තරගාවලියේ ආරම්භක තරගයේදී හොං කොං පිල ලකුණු 94 කින් පරාජය කරමින් දැවැන්ත ජයක් අත්කර ගත්හ. ලකුණු 189 ක ඉලක්කයක් කරා ගිය හොං කොං පිතිකරුවන්ට නියමිත ඕවර 20 නිමාවේදී ලබාගත හැකිවූයේ කඩුලු 9 ක් දැවී ලකුණු 94 කි.
මෙම තරගය අබුඩාබි හි සෙයිඩ් ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී අද (9 වැනිදා) පැවැත්විණ.
අද තරගයේදී ලබාගත් විශාල ජයග්‍රහණය නිසා ඇෆ්ඝනිස්ථානු පිලට +4.70 ක ශූද්ධ ලකුණු වේගයක් හිමිවේ. ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය ද සිටින ‘බී’ කාණ්ඩයෙන් තරග කරන බැවින් මෙම ඉහළ ශුද්ධ ලකුණු වේගය ඇෆ්ඝනිස්ථානුවන්ට ඉදිරියේදී ඉතාමත් වාසිදායක තත්ත්වයක් විය හැකිය.
හොං කොං ඉනිම ආරම්භයේදීම ඔවුන්ට සිදුවූයේ බලවත් අසාධාරණයකි. වමත් වේග පන්දු යවන්නා වන ෆසල්හක් ෆාරුකි යැවූ දෙවැනි පන්දුව හොං කොං ආරම්භක පිතිකරු අන්ෂුමාන් රාත්ගේ පිත්ත පරයමින් ඇදී ගිය නමුත් පන්දු යවන්නාගේ ඉල්ලීමට අවනත වූ විනිසුරුවරයා විසින් පිතිකරුවා දැවී ගිය බවට තීරණය කරන ලදි. එම තීරණය විතීවි ක්‍රමවේදයට යොමු කරත් දෝ නැත්දෝ යයි සිතමින් සිටි රාත් අවසානයේදී ඉල්ලීමක් නොකරම ක්‍රීඩාගාරයට ගියේය. එහෙත් රූපවාහිනී පුනරූපන වලින් දිස්වූයේ පන්දුව කිසි සේත්ම පිත්තේ නොගැටුණු බවයි.
එතැනින් ආරම්භ වූ හොං කොං පිලේ කඩා වැටීම ඕවර 10 ක් පුරාම පැවැති අතර 10 වැනි ඕවරය නිමාවන විට හොං කොං පිලේ ලකුණු පුවරුව කියැවුණේ 43 කට කඩුලු 5 ක් ලෙසිනි. එහෙත් අවසන් ඕවර 10 දී පසුපෙළ පිතිකරුවෝ හොං කොං පිල වෙනුවෙන් වඩාත් ධෛර්ය සම්පන්න තරගයක නිරත වූහ.
සිය අවසන් විස්සයි-20 ඉනිම හතරේදී අර්ධ ශතක තුනක් ලබාගතත් සදිකුල්ලාගේ උඩපන්දු තුනක්ම හෙං කොං නායකයා අතින් ගිළිහී ගියේය. නැතහොත් ඔහු පළමු ඕවරයේදීම දැවී යාමට තිබිණ. වාසනාව ඉහටත් උඩින් තිබූ සදිකුල්ලා, පන්දු 52 කදී ලකුණු 73 ක් ලබාගත්තේ ඕවර 20 ම නොදැවී සිටිමිනි.
16 වැනි ඕවරය නිමාවේදී ඇෆ්ඝනිස්ථානු ලකුණු පුවරුව කියැවුණේ කඩුලු 4 ට 119 ක් ලෙසිනි. එහෙත් ඔව්හු අවසන් ඕවර 4 න් ලකුණු 69 ක් ලබාගත්හ. හයේ පහර 5 ක් ද සමගින් පන්දු 21 කින් ලකුණු 53 ක් ලබාගත් අස්මතුල්ලා ඔමර්සායි හොං කොං බලාපොරොත්තු සියල්ලම විනාශ කළ පිතිකරුවා විය.
- 213
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.