Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
(රජන්ත බමුණුකොටුව)
ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් සංගමය විසින් සංවිධානය කරනු ලබන වයස අවුරුදු 15න් පහළ දෙවැනි කොටසේ අන්තර් පාසල් ක්‍රිකට් තරගාවලියේ අර්ධ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලැබීමට හේනේගම මධ්‍ය මහා විද්‍යාලය සමත්විය.
හේනෙගම මධ්‍ය මහා විද්‍යාල ක්‍රීඩාංගණයේ පැවැති මෙම තෙවැනි වටයේ තරගයේදී හේනෙගම මධ්‍ය මහා විද්‍යාලය මහනුවර ශ්‍රී චන්ද්‍රානන්ද බෞද්ධ විද්‍යාලයට එරෙහිව පළමු ඉනිමේ ජයක් අත්කර ගත්තේය.
හේනේගම මධ්‍ය මහා විද්‍යාලය - පළමු ඉනිම ඕවර 40.2 කදී සියලු දෙනා දැවී 139 යි
(තිසංග රශ්මිත් නොදැවී 40, සෙහස් දමීෂ 22, විකුම්සර මැදගොඩ 30/4, චන්දුල් කරුණාරත්න 15/2, ශෂික සුබසිංහ 31/2)
ශ්‍රී චන්ද්‍රානන්ද බෞද්ධ විද්‍යාලය - පළමු ඉනිම ඕවර 39.5 කදී සියලු දෙනා දැවී 67 යි
(උවිඳු පතිරාජ 24, දෙසිඳු දින්සර 18/4, ඉන්දුත උත්සර 5/2, මතීෂ පන්සිළු 05/2)
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.