Last Update  :  2024-04-26 23:26:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව School සීමිත ඕවර තරගයේ ජය වේල්ස් කුමරුවන්ට

සීමිත ඕවර තරගයේ ජය වේල්ස් කුමරුවන්ට

editorial - 2022 ජන මස 16 {{hitsCtrl.values.hits}} Views 1 Comment
A A A


(ශානුක අරවින්ද) 

මොරටුව ශාන්ත සෙබස්තියන් විදුහල සහ මොරටුව වේල්ස් කුමර විදුහල අතර 71 වැනි ‘රන් මහ සටන’ වාර්ෂික මහ ක්‍රිකට් තරගයට සමගාමීව මොරටුව ද සොයිසා ක්‍රීඩාංගණයේදී පැවැති අද (16 වැනිදා) පැවැති 36 වැනි එක්දින තරගයෙන් ලකුණු 2 ක තියුණු ජයක් වාර්තා කිරීමට වේල්ස් කුමර විදුහල සමත් විය. 

ජයග්‍රහණය සඳහා ලකුණු 135 ක ඉලක්කයක් හඹාගිය ශාන්ත සෙබස්තියන් විදුහලට අනූප බණ්ඩාර ප්‍රමුඛ වේල්ස් කුමර පන්දු යවන්නන්ගේ දක්ෂ පන්දු යැවීම හමුවේ ඕවර 36.5 ක් අවසන් වන විට සියලු දෙනා දැවී ලබාගත හැකි වූයේ ලකුණු 132 ක් පමණි.

එහිදී දක්ෂ පන්දු යැවීමක නිරත වූ අනූප බණ්ඩාර ලකුණු 33 කට කඩුලු 4 ක් බිඳහෙළීය. පසිඳු පැතුම් ලකුණු 36 කට කඩුලු 3 ක්ද, රිවිත් ජයසූරිය ලකුණු 14 කට කඩුලු 2 ක්ද දවාගනිමින් වේල්ස් කුමර විදුහල ජයග්‍රහණය කරවීම සඳහා අනූපට අනගි සහායක් දුන්හ. 

සෙසු පිතිකරුවන් එකා පිට එකා දැවී යද්දී එක් අන්තයක් රැකගෙන පන්දුවට පහරදුන් නායක සුඛිත ප්‍රසන්න පන්දු පන්දු 77 කදී හතරේ පහර 3 ක් සමග නොදැවී ලකුණු 49 ක් ලබාගත්තද ඔහුට ශාන්ත සෙබස්තියන් විදුහල ජයග්‍රහණය කරා ගෙන යෑමට නොහැකි විය. 

කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහරදුන් වේල්ස් කුමර විදුහලට ඕවර 46.1 ක් අවසානයේ සියලු දෙනා දැවී ලබාගත හැකි වූයේ ලකුණු 134 ක් පමණි. ත්‍රිෂාන් පෙරේරා ලකුණු 40 කට කඩුලු 3 ක්ද, කලන සංදීප් ලකුණු 31 කට කඩුලු 2 ක්ද බිඳහෙළමින් වේල්ස් කුමර ඉනිම අඩු ලකුණු සංඛ්‍යාවකට සීමා කිරීමට පෙරමුණ ගත්හ. 

ආරම්භක පිතිකරු තරිඳු අමරසිංහ පන්දු 69 කදී හයේ පහර 2 ක් සමග ලකුණු 36 ක්ද, සුමල්ක ප්‍රනාන්දු පන්දු 80 කදී හයේ පහරක් සහ හතරේ පහර 3 ක් සමග ලකුණු 41 ක්ද රැස්කරමින් වේල්ස් කුමර ඉනිමේ ලකුණු සංඛ්‍යාව ඉහළ දැමූහ. වේල්ස් කුමර විදුහලේ අනූප බණ්ඩාර තරගයේ වීරයා ලෙස සම්මාන ලැබීය. 

මෙම ජයත් සමග මෙතෙක් පැවැති තරග 36 න් 16 ක් ජයගැනීමට වේල්ස් කුමර විදුහල සමත්ව ඇත. ඉන් ශාන්ත සෙබස්තියන් විදුහල ජයගෙන ඇති තරග සංඛ්‍යාව 17 කි. එක් තරගයක් ලකුණු සම වීමෙන් නිමාවට පත්ව ඇති අතර තරග දෙකක් අත්හැර දැමීමට සිදුව තිබේ. 

වේල්ස් කුමර විදුහල - ඕවර 46.1 කදී සියලු දෙනා දැවී 134 
(සුමල්ක ප්‍රනාන්දු 41, තරිඳු අමරසිංහ 36, ත්‍රිෂාන් පෙරේරා 40/3, කලන සංදීප් 31/2) 

ශාන්ත සෙබස්තියන් විදුහල - ඕවර 36.5 කදී සියලු දෙනා දැවී 132  
(සුඛිත ප්‍රසන්න නොදැවී 49, අනූප බණ්ඩාර 33/4, පසිඳු පැතුම් 36/3, රුවින් ජයසූරිය 14/2) 

 


අදහස් (1)

සීමිත ඕවර තරගයේ ජය වේල්ස් කුමරුවන්ට
  • janaka Monday, 17 January 2022 09:04 PM

    ඔවුන් තරගය වංචා කළා...

    Reply 0       0


ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.