කළුතර සිරිකුරුස විදුහල හා ගාල්ල සාන්ත ඇලෝෂියස් විද්‍යාලය අතර දෙවැනි ”සිහින සංග්‍රාමය” මහ ක්‍රිකට් අද සහ හෙට (6 - 7) ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැත්වේ.
පසුගිය වසරේදී පැවැති මෙහි මංගල මහ ක්‍රිකට් තරගය වර්ෂාව ඇද හැළීමෙන් ඕවර 28 කට පමණක් සීමාවෙමින් අවසන් විය. දෙවිදුහලේ සිසුන් සහ ආදී සිසුන් අතර වූ සහෝදරත්වය සුහදත්වය පවත්වා ගෙන යාමේ අරමුණින් සිහින සංග්‍රාමය මහ තරගය ආරම්භ කළ බව දෙවිදුහලේ විදුහල්පතිවරු පවසති.
මෙහි සමාරම්භක උත්සවයේ ප්‍රධාන ආරාධීත අමුත්තා ලෙස කළුතර සිරිකුරුස විදුහලේ කීර්තිමත් ආදී ශිෂ්‍යයකු වන, වර්තමාන අය-වැය අධ්‍යක්ෂ ජෙනරාල් වශයෙන් කටයුතු කරන ජූඩ් නිලුක්ෂාන් මහතා සහභාගී වේ.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.