අන්තර් පාසල් වයස 19 න් පහළ ‘සිංගර් කුසලාන’ ක්‍රිකට් තරගාවලියේ කළුතර සිරිකුරුස විදුහල සහ මාතලේ ශාන්ත තෝමස් විදුහල අතර මග්ගොන සරේ ක්‍රීඩාංගණයේදී පැවැති II කාණ්ඩයේ තරගයෙන් කඩුලු 10 ක ජයක් අත්කර ගැනීමට සිරිකුරුස විදුහල සමත් විය.
එහිදී සිරිකුරුස විදුහලේ හංසජ බ්‍රයන් ලකුණු 48 කට කඩුලු 8 ක් දවාගනිමින් දක්ෂ පන්දු යැවීමක නිරත විය.
සිරිකුරුස විදුහල් පළමු ඉනිම - ඕවර 69.5 කදී සියලු දෙනා දැවී 234
(සිතුම් සංජන 43, ආතිෆ් අස්ලි 41, දිල්ෂාන් මධුෂංක 53, පැතුම් ප්‍රනාන්දු 39, ගිම්හාන ප්‍රනාන්දු 63/4, තිසුම් සුභසිංහ 66/3)
ශාන්ත තෝමස් විදුහල් පළමු ඉනිම - ඕවර 51 කදී සියලු දෙනා දැවී 120
(කවිඳු සේනාරත්න 36, සමිඳු මධුෂංක 22, ඉනුක ඒකනායක 27, ආතිෆ් අස්ලි 28/3, හංසජ බ්‍රයන් 15/3, දිල්ෂාන් මධුෂංක 22/2)
ශාන්ත තෝමස් විදුහල් දෙවැනි ඉනිම - ඕවර 66.5 කදී සියලු දෙනා දැවී 143
(සමිඳු මධුෂංක 47, දිල්ෂාන් තාරක 20, තිසුම් සුභසිංහ 20, හංසජ බ්‍රයන් 33/5, දිල්ෂාන් මධුෂංක 17/2, දිල්හාර නානායක්කාර 24/2)
සිරිකුරුස විදුහල් දෙවැනි ඉනිම - ඕවර 4.5 කදී කිසිවකු නොදැවී 30
-036
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.