අන්තර් පාසල් වයස 19 න් පහළ ‘සිංගර් කුසලාන’ ක්‍රිකට් තරගාවලියේ ගල්කිස්ස සාන්ත තෝමස් විදුහල සහ කොළඹ ශාන්ත පීතර විදුහල අතර සාන්ත තෝමස් විදුහල් ක්‍රීඩාංගණයේදී පැවැති I කාණ්ඩයේ තරගයෙන් පළමු ඉනිමේ ජයක් අත්කර ගැනීමට සාන්ත තෝමස් විදුහල සමත් විය.
එහිදී සාන්ත තෝමස් විදුහල වෙනුවෙන් යසිරු රොද්‍රිගු (නොදැවී 59) සහ රයන් ප්‍රනාන්දු (57) ද, ශාන්ත පීතර විදුහල වෙනුවෙන් රිතිෂ සන්තුෂ් (55) ද අර්ධ ශතක ලබාගත්හ.
සාන්ත තෝමස් විදුහල් පළමු ඉනිම - ඕවර 71.2 කදී සියලු දෙනා දැවී 265
(යසිරු රොද්‍රිගු නොදැවී 59, රයන් ප්‍රනාන්දු 57, ගවින් බොතේජු 49, දුල්මින් රත්නායක 26, දනාල් හේමානන්ද 42/3, රුවින් සෙනවිරත්න 55/2, කනිෂ්ක මදුවන්ත 75/2)
ශාන්ත පීතර විදුහල් පළමු ඉනිම - ඕවර 97.3 කදී සියලු දෙනා දැවී 262
(රිතිෂ සන්තුෂ් 55, නිපුනක ෆොන්සේකා 42, වනුජ කුමාර 30, දනාල් හේමානන්ද 29, නිමන් උමේෂ් 21, ජී. කැනිස්ටන් 54/3, යසිරුරොද්‍රිගු 63/3, මනීෂ රූපසිංහ 3/2)
සාන්ත තෝමස් විදුහල් දෙවැනි ඉනිම - ඕවර 15 කදී කඩුලු 2 ක් දැවී 70
(දුල්මින් රත්නායක නොදැවී 32, උමයංග සුවාරිස් 27)
-036
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.