අන්තර් පාසල් වයස 17 න් පහළ ‘සිංගර් කුසලාන’ ක්‍රිකට් තරගාවලියේ II කොටසේ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබාගැනීමට මොරටුව ශාන්ත සෙබස්තියන් විදුහල් ‘බී’ කණ්ඩායම සමත් විය.
ශාන්ත සෙබස්තියන් විදුහල් ක්‍රීඩාංගණයේදී පැවැති අර්ධ අවසන් පූර්ව වටයේ තරගයකදී පොලොන්නරුව රාජකීය විදුහලට එරෙහිව ලකුණු 18 ක ජයක් වාර්තා කරමින් ශාන්ත සෙබස්තියන් විදුහල අවසන් පූර්ව වටයට පිවිසියේය.
එහිදී දක්ෂ පන්දු යැවීමක නිරත වූ ශාන්ත සෙබස්තියන් විදුහල් ‘බී’ පිලේ ඉඳුවර ද අල්විස් ලකුණු 20 කට කඩුලු 4 ක්ද, කනුෂ්ක ලක්ෂාන් ලකුණු 22 කට කඩුලු 3 ක්ද දවාගත්හ.
ශාන්ත සෙබස්තියන් විදුහල් ‘බී’ පිල - ඕවර 36.4 කදී සියලු දෙනා දැවී 125
(සනේෂ් ප්‍රනාන්දු 29, ඩිලාන් සඳරුවන් 22/3, හරිත රවිෂර 23/3, සමිත් සපුතන්ත්‍රි 16/2)
රාජකීය විදුහල - ඕවර 36.4 කදී සියලු දෙනා දැවී 107
(හරිත්ස කවිෂර 29, ඉඳුවර ද අල්විස් 20/4, කනුෂ්ක ලක්ෂාන් 22/3)
-036
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.