Last Update  :  2024-05-14 15:34:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව School ශාන්ත සෙබස්තියන් විදුහලට ලකුණු 43 ක ජයක්

ශාන්ත සෙබස්තියන් විදුහලට ලකුණු 43 ක ජයක්

editorial - 2023 අප්‍රේ මස 28 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(ශානුක අරවින්ද)

මොරටුව ශාන්ත සෙබස්තියන් විදුහල සහ වේල්ස් කුමර විදුහල අතර පැවැති 73 වැනි ‘රන් සටන’ මහ ක්‍රිකට් තරගයට සමගාමීව කොළඹ එස්.එස්.සී. ක්‍රීඩාංගණයේදී පැවැති 38 වැනි වාර්ෂික එක්දින තරගයෙන් ඩක්වත් ලුවිස් න්‍යායට අනුව ලකුණු 43 ක ජයක් වාර්තා කිරීමට ශාන්ත සෙබස්තියන් විදුහල සමත් විය.

ජයග්‍රහණය සඳහා ලකුණු 337 ක ඉලක්කයක් හඹා යමින් සිටි ශාන්ත සෙබස්තියන් විදුහලට, ඕවර 41 ක් අවසානයේ ඇද හැළුණු වර්ෂාව හේතුවෙන් තරගය නතර කරන විට තරගය ජයග්‍රහණය සඳහා ඩක්වත් ලුවිස් න්‍යායට අනුව අවශ්‍ය වී තිබුණේ ලකුණු 253 ක් පමණි.   

වර්ෂාව හේතුවෙන් තරගය නතර කරන විට කඩුල්ලේ රැදී සිටි විමත් දින්සර නොදැවී ලකුණු 145 ක් ලබා සිටි අතර අගිත කුඩලිගම නොදැවී ලකුණු 39 ක් ලබා සිටියේය. අදීෂ අල්මේදා ලකුණු 82 ක් රැස්කරමින් සිය කණ්ඩායම ජයග්‍රහණය කරා ගෙන යෑම සඳහා දින්සරට අනගි සහායක් දුන්නේය.

පළමුවෙන් පන්දුවට පහරදුන් වේල්ස් කුමර විදුහල ඕවර 50 අවසානයේ කඩුලු 7 ක් දැවී ලකුණු 336 ක් ලබාගත් අතර එහිදී අගනා ශතකයක් ලබාගත් රිවිත් ජයසූරිය (162) සිය කණ්ඩායම ලකුණු 300 සීමාවෙන් ඔබ්බට ගෙන ගියේය. තරිඳු අමරසිංහ (57) සහ සුමල්ක ප්‍රනාන්දු (51) එහිදී අර්ධ ශතක වාර්තා කළහ.


වේල්ස් කුමර විදුහල - ඕවර 50 කදී කඩුලු 7 කට 336
(රිවිත් ජයසූරිය 162, තරිඳු අමරසිංහ 57, සුමල්ක ප්‍රනාන්දු 51, ඔමේෂ් මෙන්ඩිස් 42, මනුජ චන්තුක 47/3, යෂින් ප්‍රනාන්දු 82/3)

ශාන්ත සෙබස්තියන් විදුහල - ඕවර 41 කදී කඩුලු 4 කට 295
(අදීෂ අල්මේදා 82, විමත් දින්සර නොදැවී 145, අගිත කුඩලිගම නොදැවී 39, උනෙත් පීරිස් 56/3)

 


අදහස් (0)

ශාන්ත සෙබස්තියන් විදුහලට ලකුණු 43 ක ජයක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.