Last Update  :  2024-05-03 20:36:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව School ශා. ජෝෂප් - රිච්මන්ඩ් අවසන් තරගය බදාදා

ශා. ජෝෂප් - රිච්මන්ඩ් අවසන් තරගය බදාදා

editorial - 2022 අප්‍රේ මස 18 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(ශානුක අරවින්ද)

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ අනුග්‍රහය යටතේ පාසල් ක්‍රිකට් සංගමය සංවිධානය කරන අන්තර් පාසල් වයස 19 න් පහළ ක්‍රිකට් තරගාවලියේ පළමු කොටසේ ‘ඒ’ කාණ්ඩයේ අවසන් මහ තරගය අනිද්දා (20 වැනිදා) බම්බලපිටිය පොලිස් ක්‍රීඩාංගණයේදී පැවැත්වේ. එහිදී මරදාන ශාන්ත ජෝෂප් විදුහලට එරෙහිව ගාල්ල රිච්මන්ඩ් විදුහල තරග බිමට පිවිසීමට නියමිතය.

ශ්‍රී ලංකා වයස 19 න් පහළ කණ්ඩායම නියෝජනය කළ ෂෙවෝන් ඩැනියෙල් විසින් ශාන්ත ජෝෂප් විදුහල් කණ්ඩායම මෙහෙයවනු ලබයි. එම කණ්ඩායමට ක්‍රීඩා කරන තුන් ඉරියව් ක්‍රීඩක දුනිත් වෙල්ලාලගේ සහ කඩුලු රකින ක්‍රීඩක සදීෂ් ජයවර්ධනද ශ්‍රී ලංකා වයස 19 න් පහළ කණ්ඩායම නියෝජනය කළ ක්‍රීඩකයෝ වෙති.

භානුක මනෝහර විසින් මෙවර තරග වාරයේදී රිච්මන්ඩ් විදුහල් කණ්ඩායම මෙහෙයවනු ලබන අතර එම කණ්ඩායමට ක්‍රීඩා කරන 17 හැවිරිදි පා දඟ පන්දු යවන ක්‍රීඩක මල්ෂ තරුපති ශ්‍රී ලංකා වයස 19 න් පහළ කණ්ඩායම නියෝජනය කළ ක්‍රීඩකයෙකි.

අවසන් පූර්ව වටයේදී කඳාන ද මැසිනොද් විදුහලට එරෙහිව කඩුලු 5 ක ජයක් වාර්තා කරමින් ශාන්ත ජෝෂප් විදුහල අවසන් මහ තරගයට සුදුසුකම් ලබාගත්තේය. රිච්මන්ඩ් විදුහල අවසන් මහ තරගයට සුදුසුකම් ලබාගත්තේ අවසන් පූර්ව වටයේදී කොළඹ මහානාම විදුහලට එරෙහිව ලකුණු 139 ක ජයක් වාර්තා කරමිනි.

මූලික වටයේදී කටුගස්තොට ශාන්ත අන්තෝනි, ගල්කිස්ස සාන්ත තෝමස්, මොරටුව ශාන්ත සෙබස්තියන්, මාතර ශාන්ත තෝමස් සහ කොටහේන ශාන්ත බෙනඩික් විදුහල් පරාජය කරමින් අර්ධ අවසන් පූර්ව වටයට පිවිසි ශාන්ත ජෝෂප් විදුහල, එහිදී කොළඹ වෙස්ලි විදුහල පරාජය කරමින්  අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබාගත්තේය.

මූලික වටයේදී කොළඹ නාලන්දා විදුහල හමුවේ පරාජයට පත් වුවද, කුරුණෑගල ශාන්ත අනා, වෙස්ලි සහ කොළඹ ඩී.එස්. සේනානායක විදුහල්වලට එරෙහිව ජය වාර්තා කරමින් අර්ධ අවසන් පූර්ව වටයට පිවිසි රිචිමන්ඩ් විදුහල, අවසන් පූර්ව වටයට පිවිසියේ කටුගස්තොට ශාන්ත අන්තෝනි විදුහල පරාජය කරමිනි.


ශාන්ත ජෝෂප් විදුහල් සංචිතය
ෂෙවෝන් ඩැනියෙල් (නායක), දුනිත් වෙල්ලාලගේ, සදීෂ් ජයවර්ධන, හිරුන් මතීෂ, මිතිර තේනුර, හිරාන් ජයසුන්දර, එල්. දිසානායක, ආර්.එච්. අමරසිංහ, දේෂාන් සෙනෙවිරත්න, ළහිරු අමරසේකර, අභිෂේක් ජයවීර, කෙනත් සස්මින, ශෙනුක් සේරසිංහ, සෙනෝධ් දුල්වින්, දිනෙත් ජයකොඩි, ආසිරි කල්දේරා (ක්‍රීඩා භාර ආචාර්ය), ඩිලාන් රාමනායක (ප්‍රධාන පුහුණුකරු), කවිඳු පෙරේරා (පුහුණුකරු) සහ ළහිරු වික්‍රමසිංහ (පුහුණුකරු)

රිච්මන්ඩ් විදුහල් සංචිතය
භානුක මනෝහර (නායක), කල්ප නෙත්සර (උප නායක), කවිඳු නිර්මාන, විෂාර සස්මිත, තරින්ද නිර්මාල්, රුවන් ජයවර්ධන, ජනෙත් කෞෂාල්, මලීෂ වෙත්මින්, හංසමාන ද සිල්වා, ශරොන් අභිෂේක්, මල්ෂ තරුපති, තමිඳු ප්‍රදීප්ත, චෙහාන් සුබසිංහ, සිහත් රාමනායක, ඉමේෂ් සසිඳු, සෙනෙත් සිසාන්, කවීෂ ඉඳුවර, සනහස් රමිඳු, මනුජ දුල්නෙත්, ස්ටීවන් සෙල්වනායගම්, නුවන් ජයසිංහ (ක්‍රීඩා භාර ආචාර්ය), ලක්මාල් ද සිල්වා (ප්‍රධාන පුහුණුකරු), උමාල් දුරගේ (පුහුණුකරු) සහ දිනූෂ ජයසංක (පුහුණුකරු)

 


අදහස් (0)

ශා. ජෝෂප් - රිච්මන්ඩ් අවසන් තරගය බදාදා

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.