Last Update  :  2024-04-26 23:26:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව School වසර හතකට පසු නාලන්දාව අවසන් මහා තරඟයට

වසර හතකට පසු නාලන්දාව අවසන් මහා තරඟයට

editorial - 2022 සැප් මස 03 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

වසර හතකට පසුව, වයස 15න් පහළ අන්තර් පාසල් ක්‍රිකට් තරඟාවලියේදී පළමු කොටසේ අවසන් මහා තරඟයට සුදුසුකම් ලබාගැනීමට කොළඹ නාලන්දා විදුහල ඊයේ (2 වැනිදා) සමත් විය. කොට්ටාව ධර්මපාල විදුහල් ක්‍රීඩාපිටියේ පැවති අවසන් පූර්ව තරඟයේදී කොළඹ සාන්ත පීතර විදුහල ප්‍රසාද ලකුණු අනුව පරාජය කරමින් නාලන්දා ක්‍රීඩකයෝ අවසන් මහ තරගයට සුදුසුකම් ලබාගත්හ.

තරගයේ අවසන් ඕවරය ආරම්භ වන විටත් ශාන්ත පීතර විදුහල ඉදිරියෙන් සිටියේය.

එතෙක් ලබා සිටි කඩුලු 3 සහ ලකුණු 137 වෙනුවෙන් නාලන්දාවට තිබුණේ ප්‍රසාද ලකුණු 1.97 කි. නාලන්දා ඉනිමේදී දවාගත් කඩුලු 8 වෙනුවෙන් ප්‍රසාද ලකුණු 1.6 ක්ද, ලකුණු 55 වෙනුවෙන් ප්‍රසාද ලකුණු 0.55 ක් ස සහිතව, ශාන්ත පීතර ක්‍රීඩකයෝ ප්‍රසාද ලකුණු 2.15 ක් ලබා සිටියහ.  

අවසන් ඕවරයේදී නාලන්දා පිලේ සන්තුල් විජයරත්න කඩුල්ලක් දවාගැනීමත් සමගින් නාලන්දාවේ ප්‍රසාද ලකුණු සංඛ්‍යාව 2.17 ක් දක්වා ඉහළ ගිය බැවින් ප්‍රසාද ලකුණු අනුව තරගය ජයගත් නාලන්දා විදුහල අවසන් තරගයට සුදුසුකම් ලබාගත්තේය.

කාසියේ වාසිය දිනූ නාලන්දා නායක ඔසඳ පමුදිත මුලින්ම පන්දුවට පහර දීමට තීරණය කළද, නාලන්දාවේ මුල් කඩුලු 6 ලකුණු 62ක් තුල බිඳ වැටිණ. එහෙත් නායක ඔසඳ පමුදිත සමග එක්වූ රනුග වත්තුහේවා හත්වැනි කඩුල්ල වෙනුවෙන්  ලකුණු 39 ක් එක්කළේය.

වත්තුහේවා දැවීයාමෙන් පසුව, සන්තුල් විජයරත්න සමග එක්වූ ඔසඳ 8 වැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 36ක සම්බන්ධතාවයක් පවත්වමින් නාලන්දා  මුලු ලකුණු ප්‍රමාණය කඩුලු අටකට ලකුණු 137 දක්වා ඉහල නැංවූයේය. නාලන්දාව වෙනුවෙන් රනුග වත්තුහේවා පන්දු 47 කින් ලකුණු 27ක් ලබාගත් අතර ඔසඳ පමුදිත පන්දු 77 කදී නොදැවී ලකුණු 31ක් ලබා ගත්තේය.

- 213


අදහස් (0)

වසර හතකට පසු නාලන්දාව අවසන් මහා තරඟයට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.