
අන්තර් පාසල් වයස 17 න් පහළ ‘සිංගර් කුසලාන’ ක්‍රිකට් තරගාවලියේ III කොටස යටතේ කොළඹ මහානාම විදුහල් ‘බී’ කණ්ඩායම සහ මීගමුව ලොයොලා විදුහල අතර වෙන්නප්පුව ශ්‍රීමත් ඇල්බට් එෆ්. පීරිස් ක්‍රීඩාංගණයේදී පැවැති තරගයෙන් කඩුලු 4 ක ජයක් අත්කර ගැනීමට ලොයොලා විදුහල සමත් විය.
එහිදී පිත්තෙන් මෙන්ම පන්දුවෙන්ද එකසේ දස්කම් දැක්වූ ලලින්ද්‍ර ප්‍රනාන්දු නොදැවී ලකුණු 61 ක් රැස්කළ අතර ලකුණු 19 කට කඩුලු 3 ක්ද දවාගත්තේය.
මහානාම විදුහල් ‘බී’ පිල - ඕවර 43.4 කදී සියලු දෙනා දැවී 121
(රනුර හතරසිංහ 41, ලලින්ද්‍ර ප්‍රනාන්දු 19/3, නෙත්ම හිමරංග 12/2, තරිඳු සඳරුවන් 19/2)
ලොයොලා විදුහල - ඕවර 31.1 කදී කඩුලු 6 ක් දැවී 124
(ලලින්ද්‍ර ප්‍රනාන්දු නොදැවී 61, ස්ටීවන් ප්‍රනාන්දුපුල්ලේ 33, දිදුල ලියනගේ 14/2)
-036
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.