Last Update  :  2024-04-25 22:00:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව School රිච්මන්ඩ් විදුහල අපරාජිතව අර්ධ අවසන් පූර්ව වටයට

රිච්මන්ඩ් විදුහල අපරාජිතව අර්ධ අවසන් පූර්ව වටයට

editorial - 2022 ඔක් මස 16 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(ශානුක අරවින්ද)  

ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් සංගමය සංවිධානය කරන වයස 19 න් පහළ අන්තර් පාසල් ක්‍රිකට් තරගාවලියේ පළමු කොටසේ ‘ඒ’ කාණ්ඩයේ අර්ධ අවසන් පූර්ව වටයට අපරාජිතවම සුදුසුකම් ලබාගැනීමට ගාල්ල රිච්මන්ඩ් විදුහල සමත් විය.

කණ්ඩායම් 18 ක සහභාගීත්වයෙන් පැවැති ‘ඒ’ කාණ්ඩයේ මූලික වටයේ තරග කණ්ඩායම් 9 බැගින් වූ ‘එක්ස්’ සහ ‘වයි’ යන අනු කාණ්ඩ දෙක යටතේ පැවැත්විණ. එහිදී දැක්වූ දස්කම් අනුව කණ්ඩායම් 4 බැගින් අර්ධ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලැබීය.

ඉකුත් වසරේදී (2021) පැවැති තරගාවලියේදී ‘ඒ’ කාණ්ඩයේ අනු ශූරයන් බවට පත් වූ රිච්මන්ඩ් විදුහල මෙවර තරගාවලියේ මූලික වටයේදී ‘වයි’ අනු කාණ්ඩය යටතේ සහභාගි වූ තරග 8 ම ජයගනිමින් ලකුණු 39 කට හිමිකම් කීවේය.

මොරටුව ශාන්ත සෙබස්තියන් විදුහල, කුරුණෑගල මලියදේව විදුහල සහ කටුගස්තොට ශාන්ත අන්තෝනි විදුහල පිළිවෙලින් ‘වයි’ අනු කාණ්ඩයේ දෙවැනි, තෙවැනි සහ සිවුවැනි ස්ථානවලට පත්වෙමින් අර්ධ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබාගත්හ.

මූලික වටයේදී ‘එක්ස්’ අනු කාණ්ඩය යටතේ සහභාගි වූ තරග 8 න් 6 න් ජයගත් කොළඹ මහානාම විදුහල එහි පෙරමුණ ගනිමින් අර්ධ අවසන් පූර්ව වටයට පිවිසියේය.

කොටහේන ශාන්ත බෙනඩික් විදුහල, මහනුවර ත්‍රිත්ව විදුහල සහ ඉකුත් වසරේ ශූරයන් වූ මරදාන ශාන්ත ජෝෂප් විදුහල අර්ධ අවසන් පූර්ව වටයට පිවිසියේ ‘එක්ස්’ අනු කාණ්ඩයේ දෙවැනි, තෙවැනි සහ සිවුවැනි ස්ථානවලට පත්වෙමිනි.


අර්ධ අවසන් පූර්ව වටය
■    කොළඹ මහානාම විදුහලට එරෙහිව කටුගස්තොට ශාන්ත අන්තෝනි විදුහල
■    මහනුවර ත්‍රිත්ව විදුහලට එරෙහිව මොරටුව ශාන්ත සෙබස්තියන් විදුහල
■    කොටහේන ශාන්ත බෙනඩික් විදුහලට එරෙහිව කුරුණෑගල මලියදේව විදුහල
■    මරදාන ශාන්ත ජෝෂප් විදුහලට එරෙහිව ගාල්ල රිච්මන්ඩ් විදුහල

 


අදහස් (0)

රිච්මන්ඩ් විදුහල අපරාජිතව අර්ධ අවසන් පූර්ව වටයට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.