Last Update  :  2024-04-18 21:39:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව School රයන්ගෙන් ද්විත්ව ශතකයක්

රයන්ගෙන් ද්විත්ව ශතකයක්

editorial - 2022 ජුලි මස 07 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(රොෂාන් ගුණරත්න)

කොළඹ ආනන්ද විද්‍යාලය සහ ගල්කිස්ස සාන්ත තෝමස් විද්‍යාලය අතර 3 වැනි වරටත් පැවැති අතපත්තු - හලංගොඩ ශූරතා කුසලාන දෙදින තරගය ජය පරාජයෙන් තොරව එස්.එස්.සී ක්‍රීඩාංගණයේදී අද (7 වැනිදා) අවසන් විය.

කාසියේ වාසිය දිනා පළමුව පන්දුවට පහරදුන් ආනන්ද විද්‍යාලයට සිය පළමු ඉනිම සඳහා සියලුදෙනා දැවී රැස්කිරීමට හැකිවූයේ ලකුණු 120 ක් පමණි. එහිදී මිනෙත් ප්‍රේමරත්න ලකුණු 38 ක් සහ ලක්ෂිත කුලරත්න ලකුණු 28 ක් ලබාගැනීමට සමත්විය.

එහිදී දකුණතින් පිට දඟපන්දු යවන ක්‍රීඩක චාරුක පිරීස් ලකුණු 19 කට කඩුලු 5 ක් දවාගනිමින් පන්දුවෙන් දස්කම් දැක්වීය. කවිඳු ඩයස් සහ ආකාෂ් ප්‍රනාන්දු කඩුලු 2 බැගින් දවාගනිමින් ආනන්ද විද්‍යාලීය පළමු ඉනිම අඩු ලකුණු සංඛ්‍යාවකට සීමා කිරීමට දායක වූහ.

පිළිතුරු ඉනිම ඇරඹූ සාන්ත තෝමස් විද්‍යාලය කඩුලු 7 කට ලකුණු 380 ක් රැස්කරමින් ඔවුන්ගේ පළමු ඉනිම අත්හිටු වීය.

එහිදී ද්විත්ව ශතකයක් ලබාගනිමින් පිත්තෙන් දස්කම් දැක්වීමට රයන් ප්‍රනාන්දු සමත්විය. පන්දු 176 කදී වේගවත් පිතිහරඹයක නිරත වූ රයන් ප්‍රනාන්දු හයේ පහර 2 ක් සහ හතරේ පහර 31 ක් සමගින් නොදැවී ලකුණු 200 ක් වාර්තා කළේය. රයන් ප්‍රනාන්දුට අනගි සහයක් ලබාදුන් චාරුක පිරීස් පන්දුවෙන් මෙන්ම පිත්තෙන්ද දස්කම් දක්වමින් නොදැවී ලකුණු 79 ක් ලබාගත්තේය.

ශක්ති උදාර කඩුලු 4 ක් සහ පුලිඳු කිරිඇල්ල කඩුලු 2 ක් දවාගනිමින් ආනන්ද විද්‍යාලය වෙනුවෙන් පන්දුවෙන් දස්කම් දැක්වූහ.

ලකුණු 260 ක් පසු පසින් සිට සිය දෙවැනි ඉනිම ඇරඹූ ආනන්ද විද්‍යාලීය කණ්ඩායම තරගයේ දෙවැනි දිනය අවසන් වනවිට කඩුලු 3 ක් දැවී ලකුණු 222 ක් රැස්කර තිබුණි.

පන්දු 147 කට මුහුණ දුන් නෙත්ම කරුණාරත්න හයේ පහරක් සහ හතරේ පහර 18 ක් සමගින් නොදැවී ලකුණු 127 ක් ලබාගත්තේය. ඒ සමගින් මේ වසරේ පැවැති සාම්ප්‍රදායික තරග 13 ක ඉනිම 21 කදී ලකුණු 1001 ක් ලබාගැනීමටද මේ සමගින් ඔහුට අවස්ථාව හිමිවිය. ඊට ශතක 3 ක් සහ අර්ධ ශතක 6 ක් ඇතුළත් වේ.

මිනෙත් ප්‍රේමරත්න ලකුණු 65 ක් ලබාගනිමින් ආනන්ද විද්‍යාලීය දෙවැනි ඉනිමේ ලකුණු සංඛ්‍යාව ඉහළ දැමීමට සමත්විය.


ආනන්ද විද්‍යාලීය පළමු ඉනිම - සියලුදෙනා දැවී 120
(ලක්ෂිත කුලරත්න 28, මිනෙත් ප්‍රේමරත්න 38, චාරුක පිරීස් 19/5, කවිඳු ඩයස් 32/2, ආකාෂ් ප්‍රනාන්දු 10/2)
සාන්ත තෝමස් විද්‍යාලීය පළමු ඉනිම - කඩුලු 7 ක් දැවී 380
(රයන් ප්‍රනාන්දු නොදැවී 200, සේනාධී බුලංකුලම 31, අනීෂ් කමලචන්ද්‍ර 30, චාරුක පිරීස් නොදැවී 79, ශක්ති උදාර 119/4, පුලිඳු කිරිඇල්ල 90/2)
ආනන්ද විද්‍යාලීය දෙවැනි ඉනිම - කඩුලු 3 ක් දැවී 222
(නුෂාල් ධර්මරත්න 22, නෙත්ම කරුණාරත්න නොදැවී 127, මිනෙත් ප්‍රේමරත්න 65, කවිඳු ඩයස් 35/2)

 


අදහස් (0)

රයන්ගෙන් ද්විත්ව ශතකයක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.