Last Update  :  2024-03-28 20:14:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව School රත්නාවලී - අනුලා අවසන් සටන හෙට

රත්නාවලී - අනුලා අවසන් සටන හෙට

editorial - 2022 මැයි මස 01 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(ශානුක අරවින්ද) 

ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් සංගමය සංවිධානය කරන අන්තර් පාසල් බාලිකා වයස 19 න් පහළ සීමිත ඕවර (ඕවර 30) ක්‍රිකට් තරගාවලියේ අවසන් මහ තරගය ගම්පහ රත්නාවලී බාලිකා විදුහල සහ නුගේගොඩ අනුලා විදුහල අතර හෙට (2 වැනිදා) පස්වරු 1.00 සිට කොළඹ බ්ලූම්ෆීල්ඩ් ක්‍රීඩාංගණයේදී පැවැත්වේ. 

විෂ්මි ගුණරත්න රත්නාවලී බාලිකා විදුහල් කණ්ඩායමේ නායකත්වය දරන අතර හෂිනි ලියනගේ අනුලා විදුහල් කණ්ඩායමේ නායකත්වය දරන්නීය. 

අවසන් පූර්ව වටයේදී වාද්දුව මැදි විදුහලට එරෙහිව ලකුණු 58 ක ජයක් වාර්තා කරමින් රත්නාවලී බාලිකාවෝ අවසන් මහ තරගයට සුදුසුකම් ලබාගත්හ. අනුලා විදුහල අවසන් මහ තරගයට පිවිසියේ අවසන් පූර්ව වටයේදී රත්ගම දේවපතිරාජ විදුහලට එරෙහිව ලකුණු 8 ක තියුණු ජයක් ලබමිනි. 

ඉකුත් වසරේදී (2021) පැවැති අන්තර් පාසල් බාලිකා තරගාවලියේ ශූරතාව දිනාගැනීමට දේවපතිරාජ ක්‍රීඩිකාවෝ සමත් වූ අතර එවර අනු ශූරතාව හිමිකරනු ලැබුවේ වාද්දුව මැදි විදුහල් ක්‍රීඩිකාවන් විසිනි. ඒ අනුව ඉකුත් වසරේ ශූරයන්ට මෙන්ම අනු ශූරයන්ටද මෙවර තරගාවලියේ අවසන් මහ තරගයට පිවිසීමට නොහැකි විය. 

මෙවර තරගාවලියේ තෙවැනි ස්ථානය සඳහා පැවැත්වෙන තරගයේදී දේවපතිරාජ විදුහලට එරෙහිව වාද්දුව මැදි විදුහල හෙට පෙරවරු 9.00 සිට කොළඹ බ්ලූම්ෆීල්ඩ් ක්‍රීඩාංගණයේදී තරග වැදීමට නියමිතය. 

මූලික වටයේදී පන්නිපිටිය ධර්මපාල, මොරටුව වේල්ස් කුමරි, මීගමුව නිව්ස්ටඩ් සහ නුගේගොඩ අනුලා විදුහල් පරාජය කරමින් අපරාජිතව පෙර අර්ධ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලැබීමට රත්නාවලී බාලිකා විදුහල සමත් විය. එහිදී පොලොන්නරුව ජයසිරිපුර කනිටු විදුහල පරාජය කරමින් අර්ධ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබා ගත් ඔවුන්, අවසන් පූර්ව වටයට පිවිසියේ මාතර අනුර මහ විදුහල පරාජය කරමිනි. 

මූලික වටයේදී රත්නාවලි බාලිකා විදුහල හමුවේ පරාජයට පත් වුවද, පන්නිපිටිය ධර්මපාල, මොරටුව වේල්ස් කුමරි, මීගමුව නිව්ස්ටඩ් සහ මාරපොල මහ විදුහල පරාජය කරමින් අනුලා විදුහල පෙර අර්ධ අවසන් පූර්ව වටයට පිවිසියේය. එහිදී වැල්ලවාය ඇතිලිවැව මහ විදුහල පරාජය කළ අනුලා විදුහල, අර්ධ අවසන් පූර්ව වටයේදී එප්පාවල ශ්‍රී සිද්ධාර්ථ මහ විදුහල පරාජය කරමින් අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබා ගත්තේය. 

රත්නාවලි බාලිකා විදුහල් සංචිතය 
විෂ්මි ගුණරත්න (නායිකා), නෙත්මි ගුණරත්න, විදුෂිකා පෙරේරා, සඳලි වීරසිංහ, කාවින්දි විජේසේකර, සඳුනි අමන්දා, දෙව්මිනී පබසරා, ප්‍රතිභා ගම්හේවා, නවෝද්‍යා ජයසිංහ, කාවින්ද්‍යා ගුණසිංහ, භාග්‍යා එදිරිසිංහ, හේමිනී රත්නායක, හිමායා විජේසිංහ, රසාංජලී ගුණසේකර, පින්සිත් පූර්ණිමා, සඳරුවී ප්‍රේමරත්න, කසුන්දි කුලතුංග, මධුභාෂිණී වික්‍රමසිංහ, අනූෂා ගුණසේකර මහත්මිය (ක්‍රීඩා භාර අචාර්ය) සහ ජී.එන්. මුණසිංහ මහතා (පුහුණුකරු) 

අනුලා විදුහල් සංචිතය 
හෂිනි ලියනගේ (නායිකා), ශිකාරි රත්නසිරි, කෞෂිණී නුත්‍යංගනා, නෙත්මි තරූෂා, ඉමාෂා නෙත්මිනී, සමාධි නෙත්මිනී, එනුදි විලාරා, සෙනුගි විලාරා, දුලංගා චාමනී, එච්.එල්.අයි. යසාරා, චතුනි නෙත්මිනි, හිමාෂා කවිදි, ගීත්මා මයන්ති, මෙතුලි දුලංගා, අනුමි විදුන්‍යා, තිස්මා ඉලංගවිතාන, බිඟනි අමන්දිකා, ජීවන්ති වර්ණපුර, සරසි රන්දිමා, සුජීව සමරවික්‍රම මහතා (ක්‍රීඩා භාර ආචාර්ය), දිනේෂ් වීරසිංහ මහතා (පුහුණුකරු) සහ ඩී.එල්.සී. රාජපක්ෂ මහතා (සහාය පුහුණුකරු) 

 


අදහස් (0)

රත්නාවලී - අනුලා අවසන් සටන හෙට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.