Last Update  :  2025-06-27 23:45:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව School රත්ගම දේවපතිරාජයට පළමු ඉනිමේ ජයක්
15 න් පහළ ක්‍රිකට්

රත්ගම දේවපතිරාජයට පළමු ඉනිමේ ජයක්

editorial - 2025 ජුනි මස 18 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(රජන්ත බමුණුකොටුව)

ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් සංගමය විසින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ අනුග්‍රහය ඇතිව සංවිධානය කරනු ලබන වයස අවුරුදු 15න් පහළ පළමු කොටසේ අන්තර් පාසල් ක්‍රිකට් තරගාවලියේ පළමු වටයේ තරගයකදී මොරටුව වේල්ස් කුමර විද්‍යාලයට එරෙහිව පළමු ඉනිමේ ජයක් ලැබීමට රත්ගම දේවපතිරාජ විද්‍යාලය සමත්විය.

මොරටුව වේල්ස් කුමර විද්‍යාල  පිටියේ පැවැති මෙම තරගයේ පළමුව පන්දුවට පහරදුන් රත්ගම දේවපතිරාජ විද්‍යාලය ඕවර 50 කදී කඩුලු 8ක් පමණක්  ලකුණු 202ක් රැස් කළේය. ඊට පිළිතුරු ලෙසින් පළමු ඉනිම ක්‍රීඩා කළ මොරටුව වේල්ස් කුමර විද්‍යාලයට සියල්ලන් දැවී රැස්කරගත හැකිවූයේ ලකුණු 187ක් පමණි.

දේවපතිරාජ විද්‍යාලය වෙනුවෙන් දියත් ප්‍රේමලාල් තුන් ඉරියව් දස්කම් දැක්වීය. පිත්තෙන් දස්කම් දක්වමින් ලකුණු 77 ක් රැස් කළ දියත් ප්‍රේමලාල්, පන්දුවෙන් දස්කම් දක්වමින් ලකුණු 35කට කඩුලු 2ක් ද දවාලීය.


 
රත්ගම දේවපතිරාජ විද්‍යාලය  - පළමු ඉනිම කඩුලු 8 ට 202 යි
(දියත් ප්‍රේමලාල් 77, දෙනෙත් චතුරංග 43, පිනිඳු නෙත්සර 23, පවන් සෙව්මිණ 25/2, සනිෂ් කොඩිකාර 28/2, පසිඳු උදාමෙත් 38/2)

මොරටුව වේල්ස් කුමර විද්‍යාලය - පළමු ඉනිම187 යි 
(තිසඟ රශ්මිත් 36, පසිඳු පීරිස් 33, ෂෙවින් ද සිල්වා 26, ශ්‍යාන් හසරුල් 22, දෙනුවන් ජයලත් 22/2, සනිඳු සිනෙත් 27/2, දියත් ප්‍රේමලාල් 35/2 


අදහස් (0)

රත්ගම දේවපතිරාජයට පළමු ඉනිමේ ජයක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.