අන්තර් පාසල් වයස 19 න් පහළ ක්‍රිකට් තරගාවලියේ III කොටස යටතේ මිනුවන්ගොඩ නාලන්දා මැදි විදුහල සහ සඳලංකාව මැදි විදුහල අතර සඳලංකාව මැදි විදුහල් ක්‍රීඩාංගණයේදී පැවැති තරගයෙන් පළමු ඉනිමේ ජයක් අත්කර ගැනීමට නාලන්දා මැදි විදුහල සමත් විය.
එහිදී දක්ෂ පිතිහරඹයක නිරත වූ නාලන්දා මැදි විදුහලේ අෂාන් විනුර (105) පළමු ඉනිමේදී ශතකයක් ලබාගත් අතර එම විදුහලේම නිසල ශාමල් දෙවැනි ඉනිමේදී නොදැවී ලකුණු 91 ක් රැස්කරමින් පිත්තෙන් දස්කම් දැක්වීය.
නාලන්දා මැදි විදුහල් පළමු ඉනිම - කඩුලු 9 ක් දැවී 253
(අෂාන් විනුර 105, ලසිත් සංජන 42, තරුෂ නඳුන් 35, දමීෂ සකුන් 45/5, දසුන් නෙත්සර 26/2)
සඳලංකාව මැදි විදුහල පළමු ඉනිම - සියලු දෙනා දැවී 152
(යසිරු රන්දීෂ් 33, දමීෂ සකුන් 23, ඉමේෂ් මිහිරංග 19/4, අෂාන් විනුර 31/3, පවන් පත්මිණ 44/3)
සඳලංකාව මැදි විදුහල දෙවැනි ඉනිම - කඩුලු 7 ක් දැවී 256
(දසුන් නෙත්සර 74, හෂ්මික නෙත්ෂාන් 40, නිසල ශාමල් 30/3)
නාලන්දා මැදි විදුහල් දෙවැනි ඉනිම - කඩුලු 3 ක් දැවී 133
(නිසල ශාමල් නොදැවී 91, කවීෂ මනෝජ් 19, දමීෂ සකුන් 42/2)
-036
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.