(රජන්ත බමුණුකොටුව)
ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් සංගමය විසින් ශ්‍රී ලංකා ක්‍රිකට් අනුග්‍රහය ඇතිව සංවිධානය කරනු ලබන වයස අවුරුදු 19න් පහළ අන්තර් පාසල් දෙදින ක්‍රිකට් තරගාවලියේ මෙවර තරගවාරයේ තම දෙවැනි ශතකය ලබාගැනීමට මාතර ශාන්ත තෝමස් විද්‍යාලයේ නායක පෙසඳු සංජාන් සමත්විය.
කළුතර තිස්ස මධ්‍ය මහ විදුහලට එරෙහිව මාතර උයන්වත්ත ක්‍රීඩාංගණයේ පැවැති තරගයේදී පෙසඳු සංජාන් ලකුණු 141ක් රැස් කළ අතර මාතර ශාන්ත තෝමස් විද්‍යාලය කඩුලු 5ක ජයක් ලැබීය.
කළුතර තිස්ස මධ්‍ය මහා විද්‍යාලය - පළමු ඉනිම 116 යි.
(මල්ෂ කවිෂාන් 25, සෙනුර ගිහාන් 22/3, ශෂිඳු මෙත්පහන් 14/2)
මාතර ශාන්ත තෝමස් විද්‍යාලය - පළමු ඉනිම කඩුලු 8 ට 246 යි
(පෙසඳු සංජාන් 141, තත්සර දෙව්මිත් 39, කුමේෂ් නවාංජන 39 , මනුග ගුරුගේ 20, තාරුක සමින්ජිත් 57/3, නදුන් ද සිල්වා 13/2)
කළුතර තිස්ස මධ්‍ය මහා විද්‍යාලය - දෙවැනි ඉනිම 192 යි
(මිනිඳු හංසන නොදැවී 51, නෙත්සර යෂ්මිත 26, මල්ෂ කවිෂාන් 25, නදුල් ද සිල්වා 24, පෙසඳු සංජාන් 58/4, මනුග ගුරුගේ 68/3, සෙනුර ගිහාන් 27/2)
මාතර ශාන්ත තෝමස් විද්‍යාලය - දෙවැනි ඉනිම කඩුලු 5 ට 63 යි
(මින්දෙව් හංසන 11/2)
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.