15න් පහළ ක්‍රිකට්
පළමු ශතකය අමීෂගෙන්
(රජන්ත බමුණුකොටුව)
ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් සංගමය විසින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ අනුග්‍රහය ඇතිව සංවිධානය කරනු ලබන වයස අවුරුදු 15න් පහළ පළමු කොටසේ අන්තර් පාසල් ක්‍රිකට් තරගාවලියේ පළමු වටයේ තරගයකදී මෙවර තරගවාරයේ පළමු ශතකය ලබාගැනීමට කොළඹ ඩී.එස්.සේනානායක විද්‍යාලයේ අමීෂ නිම්සර සමත්විය.
කොළඹ ඩී.එස්.සේනානායක විද්‍යාල ක්‍රීඩාංගණයේ පැවැති මෙම තරගයේදී ඩී.එස්.සේනානායක විද්‍යාලය කොළඹ සී. ඩබ්ලිව්. ඩබ්ලිව්. කන්නන්ගර විද්‍යාලයට එරෙහිව ඉනිමක සහ ලකුණු 118ක ජයක් ලැබීය. කොළඹ ඩී. එස්. සේනානායක විද්‍යාලයේ ආරම්භක පිතිකරු අමීෂ නිම්සර පිත්තෙන් දස්කම් දක්වමින් පන්දු 60කදී හතරේ පහර 19ක් සහ හයේ පහර 2ක් සමගින් නොදැවී ලකුණු 100ක් රැස් කළේය.
මෙම තරගයේදීම පන්දුවෙන් දස්කම් දැක්වූ ඩී. එස්. සේනානායක විද්‍යාලයේ පිනිදු පබසර ඉනිමකදී කඩුලු 6ක් බැගින් තරගයේදී ලකුණු 33කට කඩුලු 12 ක් දවාලීය.
සී.ඩබ්ලිව්.ඩබ්ලිව්. කන්නන්ගර විද්‍යාලය - පළමු ඉනිම - 81
(මොහිදීන් අබ්දුල්ලා 23, දෙනුර අශේන් 20, පිනිදු පබසර 19/6, ගයුරු වික්‍රමාරච්චි 18/2)
ඩී. එස්. සේනානායක විද්‍යාලය - පළමු ඉනිම කඩුලු 1 ට 223 යි
(අමීෂ නිම්සර නොදැවී 100, මියුරු බණ්ඩාර 54, හමීඩ් අෆ්ඩාල් නොදැවී 51)
සී.ඩබ්ලිව්.ඩබ්ලිව්. කන්නන්ගර විද්‍යාලය - දෙවැනි ඉනිම 24
(පිනිදු පබසර 14/6)
අමීෂ නිම්සර පිනිදු පබසර