Last Update  :  2024-03-28 23:35:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව School නුගවෙල විදුහල කඩුලු 6 කින් ජයගනී

නුගවෙල විදුහල කඩුලු 6 කින් ජයගනී

editorial - 2022 ජුලි මස 06 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(නාමල් පතිරගේ)

සිය දෙවැනි ඉනිම අත්හිටුවා වලල ඒ රත්නායක මැදි විදුහල ලබාදුන් ලකුණු 87 ක ජයග්‍රාහී ඉලක්කය සපුරා ගත් නුගවෙල මැදි විදුහල දෙවිදුහල් අතර අස්ගිරිය ක්‍රිකට් ක්‍රීඩාංගණයේ පැවැති 17 වැනි වාර්ෂික මහ ක්‍රිකට් තරගය කඩුලු හයකින් ජය ගත්තේය.

වර්ෂාව හේතුවෙන් මෙම මහ තරගයේ වැඩි කාලයක් අපතේ ගියේය.

නුගවෙල මධ්‍ය මහ විදුහලේ කණ්ඩායමේ මනුල පොල්කොටුව එහිදී නුගවෙල මැදි විදුහලේ මෙවර මහ තරග ජයග්‍රහණයට වැඩිම දායකත්වයක් දැරීය. ඒ තරගයේ වීරයා සම්මානයෙන්ද පිදුම් ලබා මුළු තරගය පුරා ලකුණු 34කට කඩුලු 10ක් දවා ගනිමිනි.


මහ තරගයේ විශේෂ සම්මාන:
හොඳම පන්දු රකින්නා - උදිත් ඉඳුනිල් (නුගවෙල මධ්‍ය විද්‍යාලය)
හොඳම පන්දු යවන්නා - විරාජ් සංජීව (වලල මධ්‍ය විද්‍යාලය)
හොඳම පිතිකරුවා - කාෂ්‍යප දිසානායක (නුගවෙල මධ්‍ය විද්‍යාලය)
තරඟයේ වීරයා - මනුල පොල්කොටුව (නුගවෙල මධ්‍ය විද්‍යාලය)

වලල ඒ රත්නායක මධ්‍ය විද්‍යාලය පළමු ඉනිම සියළු දෙනා දැවී - 75
(මලිත් භාග්‍ය 35, මනුල පොල්කොටුව 16/4, තෙනුජිත මයන්ත 5/2, සචින්ත විතානගේ 25/2)

නුගවෙල මධ්‍ය විද්‍යාලය පළමු ඉනිම සියළු දෙනා දැවී 53
(විරාජ් සංජීව 13/5, සුධීෂ් දුලංජන 19/4)

වලල ඒ රත්නායක මධ්‍ය විද්‍යාලය - දෙවන ඉනිම කඩුලු 4ට 64
(සහන් සිතුමිණ 19, මනුල පොල්කොටුව 18/6)

නුගවෙල මධ්‍ය විද්‍යාලය - දෙවන ඉනිම කඩුලු 4ට 87
(කාශ්‍යප දිසානායක 33, ජනිත අකලංක 27 නොදැවී, දිල්ෂාන් චතුරංග 19)


අදහස් (0)

නුගවෙල විදුහල කඩුලු 6 කින් ජයගනී

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.