අන්තර් පාසල් වයස 19 න් පහළ ‘සිංගර් කුසලාන’ ක්‍රිකට් තරගාවලියේ පොලොන්නරුව රාජකීය විදුහල සහ නුගවෙල මැදි විදුහල අතර රාජකීය විදුහල් ක්‍රීඩාංගණයේදී පැවැති III කාණ්ඩයේ තරගයෙන් ඉනිමක සහ ලකුණු 59 ක ජයක් අත්කර ගැනීමට නුගවෙල මැදි විදුහල සමත් විය.
එහිදී නුගවෙල මැදි විදුහලේ විරාජ් ඒකනායක (115) ශතකයක් ලබාගත් අතර එම විදුහලේම කුමාර ජයවර්ධන ලකුණු 23 කට කඩුලු 5 ක් දවාගත්තේය.
රාජකීය විදුහල් පළමු ඉනිම - ඕවර 50.1 කදී සියලු දෙනා දැවී 123
(චමත් සංකල්ප 34, පුන්සර පියුමාල් 22, ඔෂාර මදුසංක 20, සචින්ත විතානගේ 34/4, විරාජ් ඒකනායක 5/2, තිම්සජන පොල්කොටුව 31/2)
නුගවෙල මැදි විදුහල් පළමු ඉනිම - ඕවර 71 කදී සියලු දෙනා දැවී 251
(විරාජ් ඒකනායක 115, රවිදු වටගොඩ 37, කවිෂ්ක හපුගොඩ 45, ඩිලාන් සඳරුවන් 38/6, පුන්සර පියුමාල් 64/2)
රාජකීය විදුහල් දෙවැනි ඉනිම - ඕවර 36.3 කදී සියලු දෙනා දැවී 69
(කුමාර ජයවර්ධන 23/5, විරාජ් ඒකනායක 12/2)
-036
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.