අන්තර් පාසල් වයස 15 න් පහළ ‘සිංගර් කුසලාන’ ක්‍රිකට් තරගාවලියේ I කොටස යටතේ කොළඹ නාලන්දා විදුහල සහ කොළඹ ඩී.එස්. සේනානායක විදුහල අතර ඩී.එස්. සේනානායක විදුහල් ක්‍රීඩාංගණයේදී පැවැති තරගයෙන් පළමු ඉනිමේ ජයක් අත්කර ගැනීමට නාලන්දා විදුහල සමත් විය.
එහිදී දක්ෂ පිතිහරඹයක නිරත වූ නාලන්දා විදුහලේ කුෂ්මිත සිල්වා (67) අර්ධ ශතකයක් ලබාගත් අතර එම විදුහලේම වත්සුක මීගල්ල ලකුණු 29 කට කඩුලු 6 ක් බිඳහෙළීය.
නාලන්දා විදුහල් පළමු ඉනිම - ඕවර 51.2 කදී සියලු දෙනා දැවී 164
(කුෂ්මිත සිල්වා 67, සජිත විතානගේ 28, විනුර රන්දින 20, දේෂාන් හෙට්ටිගේ 39/5, කෝෂික ප්‍රනාන්දු 41/2)
ඩී.එස්. සේනානායක විදුහල් පළමු ඉනිම - ඕවර 41.3 කදී සියලු දෙනා දැවී 92
(මනුර පීරිස් 40, වත්සුක මීගල්ල 29/6, කුෂ්මිත සිල්වා 04/2)
නාලන්දා විදුහල් දෙවැනි ඉනිම - ඕවර 8 කදී කඩුලු 2 ක් දැවී 46
(රුසිරු විලෝචන නොදැවී 23)
-036
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.