අන්තර් පාසල් වයස 19 න් පහළ ‘සිංගර් කුසලාන’ ක්‍රිකට් තරගාවලියේ මිනුවන්ගොඩ නාලන්දා මැදි විදුහල සහ කළුතර වේලපුර මහ විදුහල අතර දිවුලපිටිය මහජන ක්‍රීඩාංගණයේදී පැවැති III කාණ්ඩයේ තරගයෙන් ලකුණු 367 ක දැවැන්ත ජයක් අත්කර ගැනීමට නාලන්දා මැදි විදුහල සමත් විය.
එහිදී නාලන්දා මැදි විදුහලේ ශලිඳු මල්මින පළමු ඉනිමේදී අර්ධ ශතකයක්ද (ලකුණු 68), දෙවැනි ඉනිමේදී ශතකයක්ද (ලකුණු 129) ලබාගනිමින් දක්ෂ පිතිහරඹයක නිතර විය.
එම විදුහලේම නඳුන් කල්හාර ලකුණු 58 කට කඩුලු 8 ක්ද, කවිඳු මදුරංග ලකුණු 59 කට කඩුලු 7 ක්ද දවාගනිමින් පන්දුවෙන් දස්කම් දැක්වූහ.
නාලන්දා මැදි විදුහල් පළමු ඉනිම - ඕවර 53.3 කදී සියලු දෙනා දැවී 296
(මහිදු මලිත් 90, දසුන් අතිර 68, ශලිඳු මල්මින 68, අශාන් විනුර 21, ලහිරු සස්මිත 61/5, අදීශ නෙත්මින 74/4)
වේලපුර මහ විදුහල් පළමු ඉනිම - ඕවර 28.4 කදී සියලු දෙනා දැවී 85
(වෙනුර කුමාර 39, කුලක්ෂ දිනුක 23, නඳුන් කල්හාර 15/5, කවිෂ්ක ලක්ෂාන් 23/3, කවිඳු මදුරංග 28/2)
නාලන්දා මැදි විදුහල් දෙවැනි ඉනිම - ඕවර 42.4 කදී කඩුලු 9 ක් දැවී 254
(ශලිඳු මල්මින 129, සත්සුක ඉන්දීප 29, නදුන් කල්හාර 22, දසුන් අචිර 20, ළහිරු සස්මිත 97/3, මදුෂාන් චතුරංග 27/2, මලීෂ සහන් 49/2)
වේලපුර මහ විදුහල දෙවැනි ඉනිම - ඕවර 34.4 කදී සියලු දෙනා දැවී 98
(අදීෂ නෙත්මින 31, කවිඳු මදුරංග 31/5, නඳුන් කල්හාර 43/3, චාලක නවාංජන 06/2)
-036
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.