අන්තර් පාසල් වයස 19 න් පහළ ‘සිංගර් කුසලාන’ ක්‍රිකට් තරගාවලියේ කොළඹ වේළුවන විදුහල සහ කඹුරවෙල මැදි විදුහල අතර දෙමටගොඩ දුම්රිය දෙපාර්තමේන්තු ක්‍රීඩාංගණයේදී පැවැති III කාණ්ඩයේ තරගයෙන් ලකුණු 33 ජයක් අත්කර ගැනීමට වෙළුවන විදුහල සමත් විය.
එහිදී දක්ෂ පන්දු යැවීමක නිතර වූ වේළුවන විදුහලේ කවිඳු දුලාංජන 83 කට කඩුලු 10 ක් දවාගත් අතර එම විදුහලේම කවිඳු රණහංස ලකුණු 51 ක් රැස්කරමින් සහ ලකුණු 38 කට කඩුලු 6 ක් දවාගනිමින් පිත්තෙන් මෙන්ම පන්දුවෙන්ද දස්කම් දැක්වීය.
වේළුවන විදුහල් පළමු ඉනිම - ඕවර 62.1 කදී සියලු දෙනා දැවී 162
(දුනුර මළුවන්ත 75, අෂේන් උදයංග 36, චලිඳු ෂෙහාන් 40/4, ඉසුරු ප්‍රමෝද් 33/3, ලසිඳු චමෝද් 17/2)
කඹුරවෙල මැදි විදුහල් පළමු ඉනිම - ඕවර 40.3 කදී සියලු දෙනා දැවී 180
(තරිඳු ෂෙහාන් 52, දිමුතු රන්දුල 46, පසිඳු ලක්ෂාන් 29, කවිඳු රණහංස 18/4, කවිඳු දුලාංජන 47/4, අෂේන් උදයංග 20/2)
වේළුවන විදුහල් දෙවැනි ඉනිම - ඕවර 46.2 කදී සියලු දෙනා දැවී 143
(කවිඳු රණහංස 51, දුමිඳු කවීෂ 35, මිනිඳු කවීෂ 20, පසිදු ලක්ෂාන් 35/5, චලිදු ෂෙහාන් 45/4)
කඹුරවෙල මැදි විදුහල දෙවැනි ඉනිම -ඕවර 30 කදී සියලු දෙනා දැවී 92
(දිමුතු රන්දික 44, කවිඳු දුලාංජන 36/6, කවිඳු රණහංස 20/2)
-036
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.