
අන්තර් පාසල් වයස 17 න් පහළ ‘සිංගර් කුසලාන’ ක්‍රිකට් තරගාවලියේ I කොටසේ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබාගැනීමට කොළඹ ඩී.එස්. සේනානායක විදුහල ඊයේ (5 වැනිදා) සමත් විය.
කොළඹ ශාන්ත ජෝෂප් විදුහල් ක්‍රීඩාංගණයේදී පැවැති අර්ධ අවසන් පූර්ව වටයේ තරගයකදී කොළඹ නාලන්දා විදුහලට එරෙහිව කඩුලු 9 ක ජයක් වාර්තා කරමින් ඩී.එස්. සේනානායක විදුහල අවසන් පූර්ව වටයට පිවිසියේය.
එහිදී දක්ෂ පිතිහරඹයක නිතර වූ ඩී.එස්. සේනානායක විදුහලේ අමිත දාබරේ (56) සහ අභිෂේක් ලියනාරච්චි (54) අර්ධ ශතක ලබාගැනීමට සමත් වූහ.
නාලන්දා විදුහල - ඕවර 38.2 කදී සියලු දෙනා දැවී 137
(රවීන් ද සිල්වා 38, විනුක නානායක්කාර 22, මනේන්ද්‍ර ජයතිලක 38/4, අමිත දාබරේ 14/3)
ඩී.එස්. සේනානායක විදුහල - ඕවර 38.4 කදී කඩුල්ලක් දැවී 138
(අමිත දාබරේ 56, අභිෂේක් ලියනාරච්චි 54)
-036
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.