
අන්තර් පාසල් වයස 17 න් පහළ ‘සිංගර් කුසලාන’ ක්‍රිකට් තරගාවලියේ I කොටස යටතේ හොරණ තක්ෂිලා මැදි විදුහල සහ කළුතර තිස්ස මැදි විදුහල අතර හොරණ තක්ෂිලා මැදි විදුහල් ක්‍රීඩාංගණයේදී පැවැති තරගයෙන් කඩුලු 6 ක ජයක් අත්කර ගැනීමට තිස්ස මැදි විදුහල සමත් විය.
එහිදී දක්ෂ පිතිහරඹයක නිතර වූ අෂේන් චමිල නොදැවී ලකුණු 61 ක්ද, රන්දුල දසුන් ලකුණු 52 ක්ද, රැස්කරමින් තිස්ස මැදි විදුහල ජයග්‍රහණය කරා ගෙන ගියහ.
තක්ෂිලා මැදි විදුහල - ඕවර 50 කදී කඩුලු 9 ක් දැවී 181
(ජිමුතු එරංග 32, තිසර සචින්තක 23, මලිත් කෞෂික 23, මිකිල් සහස්මික 16/2, අවිෂ්ක දේවින්ද 42/2)
තිස්ස මැදි විදුහල - ඕවර 33.2 කදී කඩුලු 4 ක් දැවී 182
(අෂේන් චමිල නොදැවී 61, රන්දුල දසුන් 52, චමල් සාරංග 35, තිසර සචෝන්තන 46/3)
-036
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.