Last Update  :  2025-09-15 21:02:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව School චමිඳුගේ තුන් ඉරියව් දස්කම් බලපිටිය සිද්ධාර්ථය දිනවයි
15න් පහළ II වැනි කොටසේ ක්‍රිකට්

චමිඳුගේ තුන් ඉරියව් දස්කම් බලපිටිය සිද්ධාර්ථය දිනවයි

editorial - 2025 අගෝ මස 05 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(රජන්ත බමුණුකොටුව)

ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් සංගමය විසින් සංවිධානය කරනු ලබන වයස අවුරුදු 15න් පහළ II වැනි කොටසේ අන්තර් පාසල්  ක්‍රිකට් තරගාවලියේ අර්ධ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලැබීමට බලපිටිය සිද්ධාර්ථ මධ්‍ය මහා විද්‍යාලය සමත්විය.

බලපිටිය සිද්ධාර්ථ මධ්‍ය මහා විද්‍යාල ක්‍රීඩාංගණයේ පැවැති තෙවැනි වටයේ තරගයේදී බලපිටිය සිද්ධාර්ථ මධ්‍ය මහා විද්‍යාලය විසින් කොච්චිකඩේ ලොයොලා විද්‍යාලය පළමු ඉනිමේදී පරාජය කරන ලදි. 

මෙම තරගයේදී බලපිටිය සිද්ධාර්ථ මධ්‍ය මහා විද්‍යාලය වෙනුවෙන් ශතකයක් සමගින් තුන් ඉරියව් දස්කම් දැක්වීමට චමිඳු ඉෂංක සමත්විය.


කොච්චිකඩේ ලොයොලා විද්‍යාලය - පළමු ඉනිම ඕවර 50කදී සියලු දෙනා දැවී 163 යි
(චවිඳු නිහාර 39, සෙනුද් රිමල්ක 31, නදීන චමත්සර 24, දිනුර නිසිත 33/4, චමිඳු ඉෂංක 31/2)

බලපිටිය සිද්ධාර්ථ මධ්‍ය මහා විද්‍යාලය - ඕවර 50 කදී  කඩුලු 5 ට 236 යි
(චමිඳු ඉෂංක 106, සනුක දින්සර 77, නෙතුජ හසරැල් 30/2, හිරුණ දින්සර 45/2)


අදහස් (0)

චමිඳුගේ තුන් ඉරියව් දස්කම් බලපිටිය සිද්ධාර්ථය දිනවයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.