Last Update  :  2024-05-13 21:38:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව School චමිඳු - රූසඳ ශාන්ත පීතර ඉනිම ගොඩනගති

චමිඳු - රූසඳ ශාන්ත පීතර ඉනිම ගොඩනගති

editorial - 2023 අප්‍රේ මස 28 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(ශානුක අරවින්ද)

මරදාන ශාන්ත ජෝෂප් විදුහල සහ බම්බලපිටිය ශාන්ත පීතර විදුහල අතර කොළඹ එස්.එස්.සී. ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන 89 වැනි ‘ශාන්තුවරුන්ගේ සටන’ වාර්ෂික මහ ක්‍රිකට් තරගයේ පළමු දිනය වූ අද (28 වැනිදා) මන්දාලෝක තත්වය හේතුවෙන් ක්‍රීඩාව නතර කරන විට පන්දුවට පහර දෙමින් සිටි ශාන්ත ජෝෂප් විදුහල කිසිවකු නොදැවී ලකුණු 29 ක් ලබා සිටියේය.

කාසියේ වාසිය දිනූ ශාන්ත ජෝෂප් විදුහල් කණ්ඩායමේ ආරාධනයෙන් පළමුවෙන් පන්දුවට පහරදුන් ශාන්ත පීතර විදුහල සිය පළමු ඉනිම වෙනුවෙන් සියලු දෙනා දැවී ලකුණු 214 ක් ලබාගත්තේය. දක්ෂ පන්දු යැවීමක නිරත වූ ගඟන චමෝද් ලකුණු 69 කට කඩුලු 5 ක් බිඳහෙළමින් ශාන්ත පීතර පිතිකරුවන් පීඩනයට පත් කළේය.

චමිඳු පෙරේරා (66) සහ රූසඳ ගමගේ (55) අර්ධ ශතක ලබාගනිමින් ශාන්ත පීතර පළමු ඉනිම සවිමත් කළ අතර චමිඳුගේ ඉනිම හතරේ පහර 7 කින්ද, රූසඳගේ ඉනිම හතරේ පහර 6 කින්ද සමන්විත විය. ඔවුන් දෙදෙනා එක්ව ශාන්ත පීතර ඉනිමේ සිවුවැනි කඩුල්ල වෙනුවෙන් ගොඩනැගූ සම්බන්ධතාව ලකුණු 77 කි.


ශාන්ත පීතර විදුහල් පළමු ඉනිම - ඕවර 57.3 කදී සියලු දෙනා දැවි 214
(චමිඳු පෙරේරා 66, රූසඳ ගමගේ 55, ගඟන චමෝද් 69/5, ළහිරු අමරසේකර 36/3)
ශාන්ත ජෝෂප් විදුහල් පළමු ඉනිම - ඕවර 6.2 කදී කිසිවකු නොදැවී 29

 


අදහස් (0)

චමිඳු - රූසඳ ශාන්ත පීතර ඉනිම ගොඩනගති

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.