Last Update  :  2024-05-03 15:34:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව School ගියවර සම ශූරයෝ අ. අවසන් පූර්ව වටයට

ගියවර සම ශූරයෝ අ. අවසන් පූර්ව වටයට

editorial - 2022 ඔක් මස 17 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(ශානුක අරවින්ද)  

ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් සංගමය සංවිධානය කරන වයස 19 න් පහළ අන්තර් පාසල් ක්‍රිකට් තරගාවලියේ දෙවැනි කොටසේ ‘බී’ කාණ්ඩයේ අර්ධ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබාගැනීමට ඉකුත් වසරේ (2021) පැවැති තරගාවලියේ සම ශූරයන් වූ හොරණ තක්ෂිලා විදුහල සහ අම්බලන්ගොඩ පී. ද එස්. කුලරත්න විදුහල සමත් විය.

කණ්ඩායම් 18 ක සහභාගීත්වයෙන් පැවැති ‘බී’ කාණ්ඩයේ මූලික වටයේ තරග කණ්ඩායම් 9 බැගින් වූ ‘එක්ස්’ සහ ‘වයි’ යන අනු කාණ්ඩ දෙක යටතේ පැවැත්විණ. එහිදී දැක්වූ දස්කම් අනුව කණ්ඩායම් 4 බැගින් අර්ධ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලැබීය.

ඉකුත් වසරේදී (2022) පැවැති තරගාවලියේදී ‘බී’ කාණ්ඩයේ සම ශූරයන් බවට පත් වූ තක්ෂිලා විදුහල මෙවර තරගාවලියේ මූලික වටයේදී ‘වයි’ අනු කාණ්ඩය යටතේ සහභාගි වූ තරග 8 න් 6 ක් ජයගනිමින් ලකුණු 31 කට හිමිකම් කීවේය.

ගම්පහ බණ්ඩාරනායක විදුහල, පානදුර රාජකීය විදුහල සහ කෝට්ටේ ශ්‍රී ජයවර්ධනපුර විදුහල පිළිවෙලින් ‘වයි’ අනු කාණ්ඩයේ දෙවැනි, තෙවැනි සහ සිවුවැනි ස්ථානවලට පත්වෙමින් අර්ධ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබාගත්හ.

මූලික වටයේදී ‘එක්ස්’ අනු කාණ්ඩය යටතේ සහභාගි වූ තරග 7 න් 6 ක් ජයගත් කෝට්ටේ ජනාධිපති විදුහල ලකුණු 27 ක් ලබා එහි පෙරමුණ ගනිමින් අර්ධ අවසන් පූර්ව වටයට පිවිසියේය.

ජා ඇල ක්‍රිස්තු රාජ විදුහල, ඉකුත් වසරේ සම ශූරයන් වූ අම්බලන්ගොඩ පී. ද එස්. කුලරත්න විදුහල සහ මහනුවර කිංග්ස්වුඩ් විදුහල අර්ධ අවසන් පූර්ව වටයට පිවිසියේ ‘එක්ස්’ අනු කාණ්ඩයේ දෙවැනි, තෙවැනි සහ සිවුවැනි ස්ථානවලට පත්වෙමිනි.


අර්ධ අවසන් පූර්ව වටය
■    කෝට්ටේ ජනාධිපති විදුහලට එරෙහිව කෝට්ටේ ශ්‍රී ජයවර්ධනපුර විදුහල
■    ජා ඇල ක්‍රිස්තු රාජ විදුහලට එරෙහිව පානදුර රාජකීය විදුහල
■    අම්බලන්ගොඩ පී. ද එස්. කුලරත්න විදුහලට එරෙහිව ගම්පහ බණ්ඩාරනායක විදුහල
■    මහනුවර කිංග්ස්වුඩ් විදුහලට එරෙහිව හොරණ තක්ෂිලා විදුහල

 


අදහස් (0)

ගියවර සම ශූරයෝ අ. අවසන් පූර්ව වටයට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.