(රජන්ත බමුණුකොටුව)
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ අනුග්‍රහය ඇතිව ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් සංගමය විසින් සංවිධානය කරනු ලබන වයස අවුරුදු 13 න් පහළ II වැනි කොටසේ අන්තර් පාසල් ක්‍රිකට් තරගාවලියේ අවසන් තරගයට සුදුසුකම් ලැබීමට කොළඹ මහානාම විද්‍යාලයීය ‘බී’ පිල සමත්විය.
පානදුර ලයිසියම් ජාත්‍යන්තර පාසල් ක්‍රීඩාංගණයේදී අද (30 වැනිදා) පැවැති අවසන් පූර්ව තරගයේදී කොළඹ මහානාම විද්‍යාලයීය ‘බී’ කණ්ඩායම විසින් කරන්දෙණිය මධ්‍ය මහා විද්‍යාලයට එරෙහිව පළමු ඉනිමේ ජයක් ලැබීය.
කොළඹ මහානාම විද්‍යාල ‘බී’ කණ්ඩායම - පළමු ඉනිම ඕවර 49 කදී කඩුලු 6 ට 150 යි
(පිනිත්‍ර අභිමාන් 34, දිනුග හෙට්ටිආරච්චි 21, තෂ්මිල චනුත් 21, දිනෙත් ඉසුරු 11/2)
කරන්දෙණිය මධ්‍ය මහා විද්‍යාලය - පළමු ඉනිම ඕවර 45.3 කදී සියලු දෙනා දැවී 121 යි
(වෙනුෂ ඩිල්ෂාන් 25, හිරුන් ඉමිරක 18, දුලිත දනුසර 17, තෂ්මිල චනුත් 31/3, සතිල් සංකේත් 13/2)
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.