Last Update  :  2025-06-27 23:45:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව School කොට්ටාව ධර්මපාලයට මුල් ඉනිමේ ජයක්
15 න් පහළ ක්‍රිකට්

කොට්ටාව ධර්මපාලයට මුල් ඉනිමේ ජයක්

editorial - 2025 ජුනි මස 18 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(රජන්ත බමුණුකොටුව)

ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් සංගමය විසින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ අනුග්‍රහය ඇතිව සංවිධානය කරනු ලබන වයස අවුරුදු 15න් පහළ පළමු කොටසේ අන්තර් පාසල් ක්‍රිකට් තරගාවලියේ පළමු වටයේ තරගයකදී බම්බලපිටිය ශාන්ත පීතර විද්‍යාලයට එරෙහිව මුල් ඉනිමේ ජයක් ලැබීමට කොට්ටාව ධර්මපාල විද්‍යාලය සමත්විය.

බම්බලපිටිය ශාන්ත පීතර විද්‍යාල  පිටියේ පැවැති මෙම තරගයේ පළමුව පන්දුවට පහරදුන් කොට්ටාව ධර්මපාල විද්‍යාලය පන්දුවාර 50 තුලදී කඩුලු 8ක් පමණක් දැවී ලකුණු 184ක් රැස් කළේය.  පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ බම්බලපිටිය ශාන්ත පීතර විද්‍යාලයට සියල්ලන් දැවී රැස්කරගත හැකිවූයේ ලකුණු 153ක් පමණි.


කොට්ටාව ධර්මපාල මහා විද්‍යාලය - පළමු ඉනිම කඩුලු 8 ට184 යි
(තරුෂ නෙත්සර 41, සසිඳු දිල්සර 36, ඉෂාන් ජයසිංහ 29, මෙනුර දිසානායක 23/2, කෙන්ඩ්‍රික් කිංස්ලි 28/2)

බම්බලපිටිය ශාන්ත පීතර විද්‍යාලය - පළමු ඉනිම 153 යි
(සෙහස් වික්‍රමසිංහ 41, විසෙස් ඩයස් 28, අබිනු ඉන්සර 21,සසිනු දින්සර 29/2,  වෙනිත පීරිස් 31/2)


අදහස් (0)

කොට්ටාව ධර්මපාලයට මුල් ඉනිමේ ජයක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.